දින 55ක් මහමුහුදේ අබලන් වූ යාත්‍රාවක පාවෙමින් සිටි ධීවරයන් පස්දෙනකු ඉක්වදෝර් නාවික හමුදාව මගින් බේරාගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉක්වදෝරයට අයත් ගැලපගෝස් දූපතේ වරායට ඔවුන් රැගෙන එන විට දැඩි ලෙස දුර්වල වී සිටි බව ද වාර්තා වේ. පසුගිය මාර්තු මැද භාගයේදී පේරු රාජ්‍යයේ සිට ධීවර කටයුතු සඳහා මුහුදු ගිය පේරු ජාතිකයන් තිදෙනකු හා කොලොම්බියානු ජාතිකයන් දෙදෙනකුගෙන් සමන්විත යාත්‍රාව අනතුරට ලක්වී ඇති අතර, පසුව අබලන් වූ යාත්‍රාව මත නැඟ වැසි ජලය පානය කරමින් ද, මත්ස්‍යයන් ආහාරයට ගනිමින් ද ජිවිත රැක ගැනීමට සිදුවූ බව වාර්තා වේ. ඔවුන් නැවත සිය රටවල් කරා යැවීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බව ඉක්වදෝර නාවික හමුදාව ප්‍රකාශ කර තිබේ.
දින 55ක් මහමුහුදේ අබලන් යාත්‍රාවක සිටි ධීවරයන් ඉක්වදෝරයෙන් බේරා ගැනේ
by sachintha
May 13, 2025 1:40 am
0 comment
59
මීලඟ පුවත