Home » ට්‍රම්ප් අද මැදපෙරදිග සංචාරය අරඹයි

ට්‍රම්ප් අද මැදපෙරදිග සංචාරය අරඹයි

by sachintha
May 13, 2025 1:41 am 0 comment

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද (13) මැදපෙරදිග සංචාරයක් අරඹන බව සීඑන්එන් පුවත් සේවය වාර්තා කළේය. මැදපෙරදිග බලශක්ති ධනවතුන් වන සවුදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය හා කටාර් රාජ්‍යය ට්‍රම්ප්ගේ මැදපෙරදිග සංචාරයට ඇතුළත් වන අතර, මේ රටවල් ත්‍රිත්වයම අමෙරිකානු ජනාධිපතිවරයා සමඟ පෞද්ගලික මිත්‍රත්වයක් ගොඩනඟා ගත් රටවල් බව සීඑන්එන් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය. එ‍මෙන්ම ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අවශ්‍යතාව පරිදි ගාසා, යුක්රේන හා ඉරාන අර්බුද විසඳීමට ප්‍රධාන කාර්යභාරයක් සිදු කළ මැදිහත්කරුවන් ද වන බව වාර්තා වේ.

සංචාරය අරඹමින් ඩොනල්ඩ් ට්‍රම්ප් අද සවුදි අරාබියට ගොඩබැසීමට නියමිතව ඇති අතර, අනතුරුව කටාර් රාජ්‍යයට පිටත්වනු ඇතැයි ද, අවසන් වශයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරය කරනු ඇතැයි ද වාර්තා වේ. ජනාධිපතිවරයාගේ මැදපෙරදිග සංචාරය ලබන 16 වැනිදා අවසන් වන බව සීඑන්එන් පුවත් සේවය සඳහන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT