Home » සටන් විරාමයට පැය කිහිපයකට පෙර පාකිස්තාන අගමැති න්‍යෂ්ටික අවි මෙහෙයුම් ප්‍රධානින් අතර හමුවක්

සටන් විරාමයට පැය කිහිපයකට පෙර පාකිස්තාන අගමැති න්‍යෂ්ටික අවි මෙහෙයුම් ප්‍රධානින් අතර හමුවක්

-විදෙස් මාධ්‍ය වාර්තා කරයි

by sachintha
May 13, 2025 1:41 am 0 comment

සටන් විරාම ගිවිසුම ක්‍රියාත්මක වීමට පැය කිහිපයකට පෙර ඉන්දියාවට එරෙහි යුද්ධය සම්බන්ධව ඉදිරි පියවර ගැනීම සඳහා පාකිස්තාන අගමැති ශෙබාස් ෂරීෆ් එරට න්‍යෂ්ටික අවි පිළිබඳ මෙහෙයුම් තීරණ ගන්නා ජාතික අණදෙන අධිකාරියේ නිලධාරින් සමග සාකච්ඡාවක් පවත්වා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එහෙත් පසුව අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝගේ හදිසි දුරකතන ඇමතුමකින් පසු ප්‍රකාශයක් නිකුත් කරමින් පාකිස්තාන ආරක්ෂක ඇමැති කවාජා ආසීෆ් එවැනි සාකච්ඡාවක් නොපැවත්වූ බව සඳහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

අමෙරිකාවේ මැදිහත්වීමෙන් ඉන්දු – පාකිස්තාන සටන් විරාමය ක්‍රියාත්මක වීමට පැය කිහිපයකට පෙර රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ පාකිස්තාන නියෝජ්‍ය අගමැති හා විදේශ ඇමැති ඉෂාක් ඩාර් සහ හමුදාපති අසිම් මුනීර් සමඟ හදිසි දුරකතන සාකච්ඡාවක් පවත්වා ඇති අතර, එම සාකච්ඡාවෙන් පසු අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ඉන්දීය විදේශ ඇමැතිවරයා සමඟ ද දුරකතන සංවාදයක නිරතවූ බව වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT