Home » නැඟෙනහිර කොංගෝව ගංවතුරට යටවෙයි

නැඟෙනහිර කොංගෝව ගංවතුරට යටවෙයි

-100ක් මරුට - 50ක් අතුරුදන්

by sachintha
May 13, 2025 1:43 am 0 comment

කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ නැඟෙනහිර කලාපයට බලපෑ අධික වර්ෂාවත් සමඟ හටගත් දරුණු ගංවතුර තත්ත්වයක් හේතුවෙන් පුද්ගලයන් 100කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්වී ඇතැයි ද, තවත් 50කට ආසන්න පිරිසක් අතුරුදන් වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පෙරේදා රාත්‍රී අඛණ්ඩව ඇද වැටුණු ධාරානිපාත වර්ෂාවෙන් එම කලාපයේ නිවාස 200කට ආසන්න ප්‍රමාණයක් ද විනාශ වී ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

විපතට පත්වූවන් වැඩි දෙනකු දරුවන් හා වැඩිහිටියන් බවට තොරතුරු වාර්තා වී ඇති අතර, ගම්මාන රැසක අවතැන් වූ ජනතාව මුදා ගැනීමට ආපදා කළමනාකරණ කණ්ඩායම් පියවර ගෙන ඇතැයි වාර්තා වේ. දකුණු කිවූ පළාතේ පිහිටි කසාබා ගංගාව පිටාරා ගැලීමත් සමඟ එහි ඉවුරු කැඩි බිඳී යෑමෙන් ගංවතුර තත්ත්වය දරුණු අතට හැරී ඇති අතර, අවට ගම්මාන රැසක් පැය කිහිපයක් ඇතුළත ජලයෙන් යටවූ බව වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT