Home » අලදෙණියේ තවත් බස් අනතුරක් – 37කට තුවාල

අලදෙණියේ තවත් බස් අනතුරක් – 37කට තුවාල

by chanaka
May 13, 2025 6:43 am 0 comment

අලදෙණිය, යටිහලගල කුළුගම්මන මාර්ගයේ, යටිහලගල දෙස සිට කුළුගම්මන දෙසට ධාවනය වූ පෞද්ගලික බස් රථයක් කුළුගම්මන හන්දිය ආසන්නයේ දී මාර්ගයෙන් ඉවතට පැන බෑවුමකට ගොස් ඊයේ(12) රාත්‍රියේ අනතුරක් සිදුව ඇත.

අනතුරින් පුද්ගලයින් 37දෙනෙකු තුවාල ලබා ඇතැයි පොලිසිය සදහන් කරයි.

එ් අනුව අදාළ බස්රථයේ රියදුරු ඇ.තුළු පිරිමි පුද්ගලයින් 09ක්, කාන්තාවන් 20ක් සහ ළමුන් 08දෙනෙකු පමණ තුවාල ලබා ප්‍රතිකාර සදහා මහනුවර, පේරාදෙණිය හා තිත්තපජ්ජල රෝහල්වවලට ඇතුළත් කර තිබේ.

ගල්ගමුව ඇහැටුවැව ප්‍රදේශයේ සිට මහනුවර ප්‍රදේශයට වන්දනා ගමනක් සදහා පැමිණි පිරිසක් මෙලෙස අනතුරට ලක්ව ඇතැයි සදහන් වේ.

තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතල නොවන අතර අලදෙණිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT