Home » ශ්‍රී ලංකාව සහ දකුණු කොරියාව අතර ධීවර-ජලජ සම්පත් ක්ෂේත්‍රයේ සහයෝගය පුළුල් කිරීමට පියවර

ශ්‍රී ලංකාව සහ දකුණු කොරියාව අතර ධීවර-ජලජ සම්පත් ක්ෂේත්‍රයේ සහයෝගය පුළුල් කිරීමට පියවර

by sachintha
May 13, 2025 1:49 am 0 comment

මෙරටින් දකුණු කොරියාවට මත්ස්‍ය අපනයනය කිරීමත්, රැකියා අවස්ථා පුළුල් කිරීමත් පිළිබඳ සාකච්ඡාවක් පසුගියදා ධීවර, ජලජ සම්පත් සහ සාගර සම්පත් නියෝජ්‍ය ඇමැති රත්න ගමගේ මහතාගේ සහ දකුණු කොරියානු ආයෝජකයන් පිරිසකගේ සහභාගීත්වයෙන් පසුගියදා අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි. ශ්‍රී ලංකාව සහ දකුණු කොරියාව අතර ධීවර හා ජලජ සම්පත් ක්ෂේත්‍රයේ සහයෝගීතාව පුළුල් කිරීම මේ හමුවේ ප්‍රධාන අරමුණ විය.

මෙරටින් දකුණු කොරියාවට දැනට සිදු කෙරෙන මත්ස්‍ය අපනයනය පිළිබඳව මෙහිදී සාකච්ඡා කළ අතර, විශේෂයෙන්ම blast freez කිරීමෙන් ශීත කළ තත්ත්වයෙන් අපනයනය කරන මසුන් සඳහා කොරියාවේ ඉහළ ඉල්ලුමක් පවතින බව පෙන්වා දෙන ලදි. ඉදිරියේදී දේශීය මිල ගණන් ගැලපීමෙන් අනතුරුව ලංකා ධීවර සංස්ථාව සමඟ එක්ව මේ අපනයන ක්‍රියාවලිය පුළුල් කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට අපේක්ෂා කෙරේ.

එමෙන්ම, දකුණු කොරියාවේ ධීවර කර්මාන්තයේ රැකියා සම්බන්ධයෙන් පවතින අභියෝග පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය. දැනට E-9 වීසා යටතේ පිටත්ව යන බොහෝ දෙනා වෙරළබඩ ප්‍රජාවන්ට අයත් නොවීම හේතුවෙන්, ඔවුන් රැකියා අත්හැර නීති විරෝධී ලෙස රැඳී සිටීමේ ප්‍රවණතාවක් නිරීක්ෂණය වී ඇත. මේ තත්ත්වය අවම කිරීම සහ ධීවර ක්ෂේත්‍රයට වඩාත් ගැළපෙන පුද්ගලයන් යොමු කිරීමේ අරමුණින් ධීවර පවුල්වල තරුණ තරුණියන්ට දකුණු කොරියාවේ ධීවර කර්මාන්තයේ ස්ථාවර රැකියා අවස්ථා උදාකර දීම පිළිබඳව පෞද්ගලික ආයෝජකයන් සමඟ පුළුල් ලෙස සාකච්ඡා කරන ලදි.

මේ හමුවේදී නියෝජ්‍ය ඇමැතිවරයා විසින් ලංකා ධීවර සංස්ථාවේ මෙහෙයුම් කටයුතු ශක්තිමත් කිරීම සඳහා ඉහළ තාක්ෂණය හා ධාරිතාවකින් යුත් නෞකා කිහිපයක් දෙන ලෙස අදාළ කොරියානු ආයතනයෙන් ඉල්ලීමක් කරන ලදි.

බුද්ධිකා ඉඹුලාන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT