Home » පිළිකා රෝගී පුතුගේ දිවි රකින්න වෙර දරන වකුගඩු රෝගී අම්මා

පිළිකා රෝගී පුතුගේ දිවි රකින්න වෙර දරන වකුගඩු රෝගී අම්මා

by sachintha
May 13, 2025 1:03 am 0 comment

‘අපිට උදව්වක් උපකාරයක් කරනවා නම් ඒක කොච්චර පිනක්ද’ සුමනාවතී අම්මා කියයි

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගලෙන්බිඳුණුවැව, පඩිකාරමඩුව ගම්මානයේ පදිංචිව සිටින ඩබ්ලිව්. එන්. සුමනාවතී හැටනව හැවිරිදි වියේ පසුවන දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන අම්මා කෙනෙකි. ඇගේ ඒ වේදනාවට වඩා වැඩි මිහිපිට අපා දුකක් විඳින්නට ඇයට අද සිදු වී ඇත. ඒ, ඇගේ එකම දරුවා වන ප්‍ර‍භාත් මධුසංඛ හතුරුසිංහ නිසාවෙනි. මේ වන විට වයස අවුරුදු 37ක් වන ඇගේ පුත්‍ර‍යා දරුණු පිළිකා රෝගයකින් පෙළෙන අතර, ඔහුගේ රෝග ලක්ෂණ ලෙස සිරුරේ හටගන්නා සැරව ගෙඩි පිපිරී විරූපි වෙයි. තම වකුගඩු රෝගය පසෙකලා මේ සුමනාවතී මව සිය දරුවා රකින්නේ ‘අම්මා’ කෙනකු නිසාමය. සිය පුතුගේ සියලු ඕනෑ එපාකම් සිය දෑතින් ඉටු කරන්නේ ඇය විසිනි.

‘අනුරාධපුර රෝහලේ දොස්තරලා කිවුවා පුතාට බෙහෙත් ගන්න කොළඹ එක්කර ගෙන යන්න කියලා. ජාතික රෝහලට එක්කරගෙන යන්න මට විදිහයක් නෑ. පුතාගේ මේ ලෙඩේ නිසා පොදු බස් එකක එයාව එක්කගෙන යන්න බෑ. පුතාගේ ඇඟ ඇතුළේ ගොඩක් තුවාල තියෙනවා. තව ඇඟේ එළියෙනුත් තුවාල හැදිලා. ඒවායෙන් සැරව ගලනවා. ඒවා ගඳයි. පිට කෙනකුට ඒක දරාගන්න අමාරුයි. ඒ නිසා පොදු වාහනයක එක්ක යන්න බෑ. පෞද්ගලික වාහනයක් ගන්න වත්කමක් මට නැහැ. බොහොම අමාරුවෙන් අපි එදා වේල කෑම ටික හරි හොයාගන්නේ. අපිට හරියකට කන්නවත් නෑ. කවුරුහරි කෙනෙක් අපිට උදව්වක් උපකාරයක් කරනවා නම් ඒක කොච්චර පිනක් ද’ සුමනාවතී මව එසේ කීවාය.

ලෝක අම්මාවරුන්ගේ දිනය සමරන මෙවැනි දිනක දරු සෙනෙහස වෙනුවෙන් ඕනෑම දුකක් උහුලන්න හැකි තවත් අම්මා කෙනකුගේ කතාවක් නොවී ඇය වෙනුවෙන් උපකාර කිරීමට කවුරුන් හෝ ඉදිරිපත් වන්නේ නම් කොතරම් සත්භාවයක් වනු ඇද්ද?.

ඔවුන්ගේ ලිපිනය ප්‍රභාත් මධුසංක හතුරුසිංහ, අංක 15, පඩිකාරමඩුව, ගලෙන්බිඳුණුවැවය. ඔවුන්ගේ දුරකතන අංකය 0774484017 වේ. මහජන බැංකුවේ ගලෙන්බිඳුණුවැව ශාඛාවේ ප්‍රභාත් මධුසංක හතුරුසිංහ නමින් ඇති 177 2 001 8 00 59182 දරන ගිණුම් අංකයට ආධාර බැර කර මේ අයට උපකාර කිරීමට පරිත්‍යාගශීලින්ට හැකියාව ඇත.

සීගිරිය විශේෂ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT