පසළොස්වක පොහොය නිමිති කරගෙන කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මඟින් මාසිකව පවත්වනු ලබන සද්ධර්ම ගවේෂී ධර්ම දේශනා වැඩසටහන් මාලාවේ වෙසක් පොහොය ධර්ම දේශනා වැඩසටහන මෙවර ද එම කාර්යාලයේ දී පැවැත්විණි.
එහිදී වටිනා ධර්ම දේශනාවක් කුරුණෑගල වැව්ගල විහාරයේ විහාරාධිපති සහ කුරුණෑගල ලක්දාස් විද්‍යාලයේ ආචාර්ය හැලඹවටවන ධම්මජීව හිමියන් විසින් නිලධාරීන් උදෙසා මෙහිදී දේශනා කළහ.
දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෞද්ධ කටයුතු සමායෝජක රාගම සුගතානන්ද හිමියන්ගේ අනුශාසනා පරිදි දිස්ත්‍රික් සමෘද්ධි අංශයේ දායකත්වයෙන් පැවති මෙම ධර්ම දේශනා වැඩසටහන සඳහා කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් චන්දන දිසානායක සමඟ අතිරේක දිස්ත්‍රික් ලේකම්වරුන් ඇතුළු නිලධාරීහු 400ක් පමණ සහභාගි වූහ.
කුරුණෑගල අතිරේක – පුෂ්පකුමාර ජයරත්න