වෙසක් සතිය තුළ කළුතර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ දන්සල් පැවැත්වීම සඳහා අවසර ඉල්ලමින් අයදුම්පත් 115ක් ලැබී ඇති බවත් ඒවාට අනුමැතිය ලබා දීම සඳහා මහජන සෞඛ්‍යවරු පරීක්ෂා කරමින් සිටින බවත් කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ ප්‍රාදේශීය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එච්.ඩී.සී. රෝහණ මහතා ඊයේ (12) දහවල් කීය.
මේවා බත්, නූඩ්ල්ස්, කඩල, සරුවත්, කෝපි, රොටි, බීම ආදී කාණ්ඩ රැසකට ඇතුළත් වේ.
දන්සල පැවැත්වීමට තෝරා ගත් ස්ථානය, ආහාර පිසීම සඳහා ජලය ලබා ගන්නා ජල මූලාශ්‍ර, ඒවාට වැසිකිළිවලවල් සිට ඇති දුර මෙන්ම ආහාර පිසින අයගේ පෞද්ගලික ස්වස්ථතාව පිළිබඳව ද මෙම පරීක්ෂාවේදී සොයා බැලේ.
දන්සල් පවත්වාගෙන යෑම සඳහා අයදුම් කළ පිරිස පෙරේදා (11) කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයට කැඳවා සෞඛ්‍යානුකූලව දැන්සල් පවත්වාගෙන යන ආකාරය පිළිබඳව දැනුම්වත් කිරීමක්ද සිදු කරන ලදි.
මේ අතර නිසි අවසරයකින් තොරව දන්සැල් පවත්වාගෙන යෑමට කිසිවෙකුටවත් ඉඩ නොදෙන බව ද ප්‍රාදේශීය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එච්.ඩී.සී. රෝහණ මහතා කීය.
ප්‍රාදේශීය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එච්.ඩී.සී. රෝහණ මහතා දන්සල් පැවැත්වීමට අනුමැතිය ඉල්ලූ පිරිස දැනුම්වත් කළ ආකාරයත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දන්සල් පැවැත්වීමට යෝජිත ස්ථාන සහ ආහාර පිසින පිරිස් පරීක්ෂාවට ලක් කළ ආකාරයත් ඡායාරූපවලින් දැක්වේ.
සටහන හා ඡායාරූප -කළුතර මධ්‍යම සමූහ – සුනිල් ස්ටැන්ලි