මන්දකට හසු වී ඉන් බේරීම සඳහා උත්සාහ කරද්දී තුවාල ලබා සිටි වලසෙකු බේරාගෙන ප්‍රතිකාර කිරීමෙන් පසුව ත්‍රිකුණාමලය නාවික වැඩබිම අභයභූමිය වෙත පෙරේදා (11) මුදාහැරිය බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.
ප්‍රදේශවාසීන් කළ දැනුම්දීමකට අනුව ගල්මැටියාව වනය මැද මද්දකට අසුවී සිටි මෙම වලසා බේරා ගැනීමේ කටයුතු වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කන්තලේ අඩවි කාර්යාලය හා ගිරිතලේ වනජීවී පශු වෛද්‍ය ඒකකය එක්ව කටයුතු කළේය.
කළ දැනුම් දීමක් මත පැමිණි ගිරිතලේ පශු ඒකකයේ පශු වෛද්‍ය දිනූෂා ද සිල්වා මහත්මිය ඇතුළු කණ්ඩායම මෙම වලසා නිර්වින්දනය කිරීමෙන් පසු ඉන් මුදාගෙන කැපුම් තුවාල ලබා ඇති ස්ථානවලට ප්‍රතිකාර කර රක්ෂිතයට මෙලෙස මුදා හැරීමට කටයුතු කෙරිණි. කන්තලේ වනජීවී අඩවි ආරක්ෂක අචින්ත විමලදාස මහතා ඇතුළු කණ්ඩායම මේ සඳහා යුහුසුලුව කටයුතු කටයුතු කළහ.
(ත්‍රිකුණාමලය විශේෂ ඒ.ටී.එම්. ගුණානන්ද අමරජීව )