41
වෙසක් පොහොය නිමිත්තෙන් බන්ධනාගාර ගතරැඳවියන්ට පිරිනැමෙන විශේෂ ජනාධිපති සමාව යටතේ මහර බන්ධනාගාරයේ රැඳවියන් 30 දෙනකු ද සමාව ලබා සිය ගම්බිම් බලා පිටත්ව ගියහ. සුළු වැරදි සම්බන්ධයෙන් සිරගතව සිටි හා සුළු දඩ මුදල් ගෙවා ගත නොහැකි ව සිටි පිරිසක් මේ අනුව සමාව ලැබූහ. සිර ගතව සිට සමාව ලැබූ එම රැඳවියන් සිය ගම් බිම් බලා පිටත් වීමට පෙර බන්ධනාගාරයේ නිලධාරීන් ට ආචාර සමාචාර කරමින් බන්ධනාගාරයට සමු දුන්හ.
ජා-ඇළ සමූහ ප්‍රසංග පෙරේරා