අනතුරට පත් බස් රථයේ සිටි මගීන්ගේ ගමන්මලු, ජංගම දුරකතන හා අනෙකුත් දෑ පොලීසියේ සුරක්ෂිතව ඇති බවත්, තම අනන්‍යතාව තහවුරු කර ඒවා ලබාගත හැකි බවත් කොත්මලේ පොලීසිය පවසයි.
කොත්මලේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වජිර රත්නායක මහතා සඳහන් කරන්නේ එම අනතුර සිදුවූ අවස්ථාවේ සහායට සිටි ගම්මානයේ ජනතාව එම ස්ථානයේ තිබූ මගීන්ගේ බඩු බාහිරාදිය තම භාරයට දුන් බවය. ඒ අනුව ජංගම දුරකතන 35ක් සහ ගමන්මලු සහ අනෙකුත් වටිනා බඩු භාණ්ඩ පොලීසිය තුළ සුරක්ෂිතව තබා ඇතැයි ද ස්ථානාධිපතිවරයා සඳහන් කළේය.
මේ අතර බස් රථයේ කොන්දොස්තරවරයාගේ ටිකට් පොත හා එකතුව තිබූ මුදල් සොයා ගැනීමට නොහැකි වූ බවට වාර්තා වෙයි.
එසේම, ස්ථානාධිපතිවරයා සඳහන් කළේ බසයේ රියැදුරු මියයාම හා කොන්දොස්තරවරයා රෝහලේ ප්‍රතිකාර ලැබීම නිසා බසයේ ගමන් ගත් නිශ්චිත මගීන් සංඛ්‍යාව සොයාගත නොහැකි වූ බවය.
මෙම ටිකට් පොත සොයා පොලීසිය, යුද හමුදාව හා ගම්වාසීන් බොහෝ ස්ථාන පරික්ෂා කළ ද එය මේ වනතුරුත් හමුවී නොමැති බව ද සඳහන්ය.
ගම්පොළ සමූහ – සුරංග දිල්හාන්