Home » ආසියාවේ සාමය හා ශක්තිය සුරැකීමට සටන් විරාමයක් අවශ්‍යයි

ආසියාවේ සාමය හා ශක්තිය සුරැකීමට සටන් විරාමයක් අවශ්‍යයි

by sachintha
May 13, 2025 12:40 am 0 comment

-ඉන්දීය සහ පාකිස්තාන නායකයන්ගෙන් ගෝලීය ප්‍රවර්ධන ජාත්‍යන්තරය ඉල්ලයි

 

එදිරිවාදිකම් නවතා දමා ආසියාවේ සාමය සහ ශක්තිය ආරක්ෂා කිරීම සඳහා සටන් විරාමයක් ක්‍රියාත්මක කරන්නැයි ගෝලීය ප්‍රවර්ධන ජාත්‍යන්තරය (Global Promotion s International) ඉන්දීය සහ පාකිස්තාන නායකයන්ගෙන් ඉල්ලීමක් කරයි.

ලොව පුරා වාර්ෂිකව දැනටමත් යුද ගිනි නිසා විශාල පිරිසක් අවතැන් වීමත් ජීවිත සහ දේපළ අහිමි වන තත්ත්වයක් තුළ එය තවදුරටත් උග්‍ර කිරීම බුද්ධිමත් දේශපාලන නායකයන්ගේ ක්‍රියා පිළිවෙත නොවන බව ද ගෝලීය ප්‍රවර්ධන ජාත්‍යන්තරය අවධාරණය කර සිටීයි.

එම නිසා‍ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ බ්‍රිතාන්‍ය අගමැති ශ්‍රීමත් කීර් ස්ටාර්මර්ගේ මැදිහත්වීම මත ඉන්දු පාකිස්තාන සටන් විරාමයක් ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ. නමුත් එය වරින් වර උල්ලංඝනය වෙමින් පවතී.

එනමුත් ආසියානු කලාපයේ සාමයට ලැදි ජනතාව ලෙස ඉන්දු පාකිස්තාන නායකයන්ගෙන් අප ඉල්ලා සිටින්නේ සාමය සඳහා මිත්‍රත්වයේ දෑත් දිගුකොට අවි නිහඬ කරන ලෙස යැයි ද ගෝලීය ප්‍රවර්ධන ජාත්‍යන්තරයේ ප්‍රධාන විධායක නිලධාරි ආචාර්ය තිලකසිරි විතාරණ මහතා කියා සිටියි.

ජයසිරි මුණසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT