ශ්‍රී ලංකාවේ පැවැත්වෙන වෙසක් උත්සවයට සහභාගී වීමට සහ මෙරට විවිධ ස්ථානවල ඇති වෙසක් සිරි නැරඹීම සඳහා ඉන්දුනීසියාවේ Òවන්දනම්Ó (Wandanam) ථෙරවාදී බෞද්ධ වනිතා භික්ෂු සංවිධානයේ දූත පිරිසක් පෙරේදා (10) පස්වරුවේ, දින 10ක සංචාරයක් සඳහා කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණියහ.
ඉන්දුනීසියාවේ ප්‍රධාන බෞද්ධ භික්ෂූන් වහන්සේලා සිව් නමක් සමඟ එරට ථෙරවාදී බෞද්ධ වනිතාවන් 58 දෙනෙකු ද මෙම පිරිසට අයත් වූහ. ඔවුන් මේ වෙසක් සමයේ කොළඹ, මහනුවර, අනුරාධපුරය, සීගිරිය, හබරණ, දඹුල්ල සහ පින්නවල ප්‍රදේශවල ඇති වෙසක් උත්සව නැරඹීමට සංචාරය කරනු ඇත.
මෙම පිරිස පෙරේදා (10) පස්වරු 04.50 ට ඉන්දුනීසියාවේ ජකර්තා නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 365 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබූ අතර ඔවුන් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නිලධාරීන් විසින් උත්කර්ෂවත් අන්දමින් පිළිගනු ලැබීය.
කටුනායක – ටී.කේ.ජී. කපිල