ස්ථානවල රන් වැට සහ පිත්තල පහන් සොරාගන්නා පුද්ගලයකු සහ යාචක කාන්තාවක් දුම්රියෙන් ගමන් කරමින් සිටියදී බම්බලපිටිය ප්‍රදේශයේ දී මත්කුඩු මිලිග්‍රෑම් 2400ක් සමඟ පෙරේදා (11) අත්අඩංගුවට ගත් බව පින්වත්ත පොලීසිය පවසයි.
සැකකරුවන්ගේ ප්‍රකාශ මත විකුණා තිබූ රුපියල් ලක්ෂ 16ක් පමණ වටිනාකම ඇති සොරාගත් රන්වැට කණු හතරක්, පොඩි පිත්තල පහන් පහක්, දොළොස් මහේ පිත්තල පහනක්, ගන්ඨාර ඇතුළු දේපොළ සොයා ගැනීමට හැකි වී තිබේ.
මෙසේ අත්අඩංගුවට පත් වූයේ රත්මලාන ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයකු සහ අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි යාචක කාන්තාවකි.
පින්වත්ත උපෝෂිතාරාමය, වාද්දුව වාලුකාරාමය, වාද්දුව සමුද්‍රාරාමය යන විහාරස්ථානවල විහාර ගෙවල් බිඳ මෙලෙස රන් වැට, දොළොස් මහේ පහන, පිත්තල පහන් ඇතුළු දේපොළ සොරාගෙන ගොස් ඇති බව පොලීසිය පවසයි.
නිතරම දුම්රියෙන් ගමන් බිමන් යන මෙම යුවළ සවස් කාලයේ කොළඹ කොටුවෙන් දුම්රියට ගොඩවන අතර කාන්තාව දුම්රියේ සිඟමන් යදින බවත් මෙම පුද්ගලයා සාමාන්‍ය මගීන් මෙන්ම වාඩිවී ගමන් කරන බවත් අනාවරණය වී තිබේ.
මෙලෙස පැමිණ කළුතරින් දුම්රියෙන් බසින අතර සැකකරු විහාරස්ථාන කරා යන අතර කාන්තාව දුම්රියපළෙහි නිදාගන්නා බව පොලීසිය පවසයි. රන්වැට හෝ පිත්තල පහනක් සොරාගෙන සැකකරු පැමිණි පසු ඇය හා අලුයම 4.10 දුම්රියෙන් ආපසු ගොස් අඟුලාන ප්‍රදේශයේ රාත්‍රී විවෘත කර තිබෙන වෙළෙඳසලකට සොර බඩු අලෙවි කර තිබේ. හෙරොයින් මත්කුඩුවලට ඇබ්බැහි වී සිටින මොවුන් ඒ සඳහා මුදල් සොයා ගැනීමට මෙලෙස සොරකම් සිදු කරන බව පොලීසිය පවසයි.
හල්තොට සමූහ විනීතා මානෙල් ගමගේ පානදුර සංචාරක සුමිත් පොතුපිටිය පෞරාණික විහාර