ගාල්ල ජාතික රෝහල මේ වනවිට බල්ලන්ගේ රජ දහනක් බවට පත්ව ඇතැයි රෝගීහු චෝදනා කරති. රෝහලේ ප්‍රතිකාර ඒකක, පර්යේෂණාගාර, එන්නත් කාමර සහ ඖෂධ නිකුත්කරන ඔසුසල් අසල, සායන කාමරවල මෙන්ම වාට්ටුවල ද නිදැල්ලේ හැසිරෙන බල්ලන් විශාල වශයෙන් දක්නට ලැබෙන අතර ජලභීතිකා වැළැක්වීමේ සහ උපදේශන සේවා පැවැත්වෙන ඒකකය ඉදිරිපිට පවා නිතරම බල්ලන් නිදා සිටිනු දක්නට ලැබෙයි.
ගාල්ල ජාතික රෝහලේ අප කළ නිරීක්ෂණ අනුව පෙනී ගියේ මෙලෙස නිදැල්ලේ රෝහල් භූමියේ සිටින බල්ලන් සංඛ්‍යාව 50 – 60ක් පමණ වන බවයි.
රෝහලේ ඇතැම් වෛද්‍යවරු, විශේෂඥ වෛද්‍යවරුන්ගේ බිරින්දෑවරු, හෙදියන් සහ සාත්තු සේවිකාවන් පවා මෙම බල්ලන්ට ආහාරපාන ලබා දී රැකබලාගන්නා ආකාරය ද අපට නිරීක්ෂණය විය.
දැනට සති දෙකකට පමණ පෙර ගාල්ලෙන් ජලභීතිකා මරණයක්ද වාර්තා වූ අතර විෂබීජවලින් තොරවිය යුතු රෝහල් භූමියේ මෙලස බල්ලන් ගැවසීම රෝහලට පැමිණෙන රෝගීන්ගේ සෞඛ්‍යයට අහිතකර තත්ත්වයක් නිර්මාණය කර ඇත. මෙම තත්ත්වය සම්බන්ධව රෝහල් බලධාරීන් ගෙනයන නිහඬ පිළිවෙත රෝහලෙන් සේවය ලබාගන්න බොහෝ දෙනාගේ විරෝධයට හේතු වී ඇත.
කරාපිටිය සමූහ
එස්. ලොකුකරවිට