සිංහල ජාතිය අභාවයට යා නොදී රැක ගැනීමට දිවි හිමියෙන් කටයුතු සිදු කළ දේශප්‍රේමීන් අප රටේ බොහෝ සිටිති. ඒ අතරින් පියදාස සිරිසේන මැතිතුමාට සුවිශේෂී තැනක් හිමි වේ. 1875 වර්ෂයේ අගෝස්තු මස 31 දින මෙලොව එළිය දුටු එතුමා තම අධ්‍යාපන කටයුතු අවසන් කොට ÒසිතුමිණÓ සඟරාවේ උපකතෘවරයකු ලෙසත් අනගාරික ධර්මපාලතුමාගේ Òසරසවි සඳරැසÓ පුවත්පතට ලිපි ලියන ලේඛකයකු ලෙසත් කටයුතු කළ අතර ඉන් නොනැවතී සිංහල ජාතිය නමින් සඟරාවක් අරඹන ලදි.
මේ සියල්ල සිංහල මුස්ලිම් කලකෝලාහල සමය තුළදී සිංහල බෞද්ධයාගේ කොඳු නාරටිය කෙළින් සිටුවාලීමට සිදු කළ නමුත්, විරුවකු හැටියට සැමරිය යුතු මෙතුමන්ට වර්තමානය වන විට නිසි ගෞරවය පුද කරනවාද යන්න පිළිබඳව දෙවරක් සිතා බැලිය යුතුව ඇත.
1979 වර්ෂයේදී පියදාස සිරිසේන මැතිතුමා සිහිකිරීම වෙනුවෙන් එතුමාට ගෞරවයක් වශයෙන් එවකට ජනාධිපති වූ ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගේ සහ එවකට අග්‍රාමාත්‍ය ආර්. ප්‍රේමදාස මැතිතුමාගේ මැදිහත්වීමෙන් ඉදිකරනු ලැබූ ප්‍රතිමාව සහ ඒ ආසන්නයේ ගොඩනැඟිලි ද්‍රව්‍ය සංස්ථාවේ ප්‍රතිපාදන වෙන්කොට ඉදිකරනු ලැබූ බිත්ති ප්රතිමාවටද අද දවස වනවිට පත්ව ඇති ඛේදනීය තත්ත්වය මරදාන ආනන්ද විද්‍යාලයේ ඉදිරිපිටින් යන සෑම දෙනෙකුටම දැකගැනීමට හැකියාව ලැබෙනු ඇත.
සිංහල ජාතිය දෙපයෙන් සිටුවීමට ක්‍රියා කරනු ලැබූ පියදාස සිරිසේන මැතිතුමන් හට නිසි ගෞරව දැක්වීමට නම් සිංහල ජාතිය පිළිබඳව හැඟීමක් හා කැක්කුමක් ඇති බලධාරීන්ගේ හෝ නිලධාරීන්ගේ දෙනෙත් විවර වේවායි ජාතිය ගැන කැක්කුමක් ඇති ජනයා අපේක්ෂා කරති.
මැද කොළඹ විශේෂ
මොහොමඩ් ඉමිටියාස්