Tuesday, May 13, 2025
Home » ආසියානු යොවුන් බොක්සිං ශූරතාවලිය සුගතදාස ක්‍රීඩා සංකීර්ණයේදී ඇරඹේ

ආසියානු යොවුන් බොක්සිං ශූරතාවලිය සුගතදාස ක්‍රීඩා සංකීර්ණයේදී ඇරඹේ

by sachintha
May 13, 2025 1:05 am 0 comment

වසර 58කට පසු ආසියානු ශූරතාවලියක් ශ්‍රී ලංකා බොක්සිං වළල්ලට රැගෙන එන ඓතිහාසික අවස්ථාව ඉතිහාසයට එක්කරමින් ආසියානු අවුරුදු 22න් පහළ සහ යොවුන් බොක්සිං ශූරතාවලිය ඊයේ (12) කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩා සංකීර්ණයේදී ආරම්භ විය.

ආසියානු බොක්සිං සම්මේලනය සහ ශ්‍රී ලංකා බොක්සිං ආයතනය එක්ව සංවිධාන කරන මේ ශූරතාවලියට ආසියාවේ ලියාපදිංචි රටවල් 43ක් අතුරින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 400කට අධික සංඛ්‍යාවක් සහභාගි වීමට නියමිතය. ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ, තරුණ කටයුතු නියෝජ්‍ය ඇමැති එරංග ගුණසේකර, ආසියානු බොක්සිං සංගමයේ සභාපති අසීස් කොසමෙටව් ඇතුළු ආරාධිතයන් ඊයේ පස්වරුවේ ආරම්භක අවස්ථාවට එක් වූ අයුරු සහ මේ ශූරතාවලියේ පළමු දිනයේ තරග අවස්ථාවකි මේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT