Tuesday, May 13, 2025
Home » යුද ගැටුමට දෝනි-සචින් කැඳවයි?

යුද ගැටුමට දෝනි-සචින් කැඳවයි?

by sachintha
May 13, 2025 1:06 am 0 comment

ඉන්දීය යුද හමුදාවේ ගෞරවනීය ලුතිනන් කර්නල්වරයකු වන මහේන්ද්‍ර සිං දෝනි සහ එරට ගුවන් හමුදාවේ ගෞරවනීය ගෲප් කපිතාන්වරයකු වන සචින් තෙන්ඩුල්කර් ඉන්දියාව සහ පාකිස්තානය අතර යුද ගැටුම් දරුණු අතට හැරෙන මොහොතක දේශසීමාවේ යුද බිමට කැඳවීමට හමුදා මාණ්ඩලික ප්‍රධානියාට බලතල ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.

පසුගියදා දෙරට අතර දේශසීමා යුද ගැටුම් සිදුවීමෙන් පසු එරට හමුදාවල ගෞරවනීය නිලතල දරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් යුද බිමට කැඳවීම සම්බන්ධව ක්‍රීඩාලෝලීන් අතර දැඩි කුතුහලයක් සහ උනන්දුවක් පැතිරී ගියේය. එරට හමුදාවල ගෞරවනීය නිලතල හොබවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා වෙනත් පුද්ගලයන් ‘Territorial Army’ නමැති ස්වේච්ඡා පදනම මත ක්‍රියාත්මක වන කාණ්ඩයට ඇතුළත් වන අතර, විශ්‍රාමික ලුතිනන් කර්නල්වරයකු වන ආචාර්ය සතිෂ් ධාගේ ප්‍රකාශ කර ඇත්තේ ගෞරවනීය නිලතල දැරුව ද ඉන්දියාව යුද තත්ත්වයකට පැමිණෙන අවස්ථාවකදී හමුදාවට සහාය වීම සඳහා දෝනි සහ සචින් ඇතුළු එම කාණ්ඩයේ නිලධාරින් ක්‍රියාන්විත රාජකාරියට කැඳවීමට හැකියාව ඇති බවය.

මීට පෙර ගෞරවනීය ලුතිනන් කර්නල් නිලයක් දැරූ ඉන්දියාව වෙනුවෙන් ටෙස්ට් තරග 21කට ක්‍රීඩා කර ඇති හේමු අධිකාරි දෙවැනි ලෝක මහා යුද සමයේදී යුද පෙරමුණට කැඳවා තිබූ බවත් වාර්තා වේ.

හමුදා පුහුණුව ද ලබා ඇති ලුතිනන් කර්නල් මහේන්ද්‍ර සිං දෝනි සහ ගෲප් කපිතාන් සචින් තෙන්ඩුල්කර් ඇතුළු ගෞරවනීය නිලතල දරන ‘Territorial Army’ නිලධාරින් සහ භට පිරිස් කැඳවීමට හමුදා මාණ්ඩලික ප්‍රධානියාගේ බලතල දීර්ඝ කර ඇතැයි ද වාර්තා වේ. දෝනි හා සචින් පමණක් නොව හිටපු ක්‍රිකට් නායක කපිල් දේව්, වෙඩි තැබීමේ ශූර අභිනව් බින්ද්‍රා, ප්‍රකට දේශපාලනඥයකු වන අනුරාග් ටාකුර්, මලයාලම් සිනමාවේ සුපිරි නළු මෝහන්ලාල්, ප්‍රවීණ බොලිවුඩ් නළු නානා පටේකර් ද ගෞරවනීය හමුදා නිලතල දරන බව වාර්තා වේ.

ෆවුස් මොහොමඩ්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT