Home » ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවෙක් නිදහස ලබයි

ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවෙක් නිදහස ලබයි

by mahesh
May 14, 2025 1:00 am 0 comment

ගාසා තීරයට නව සටන් විරාමයක් අත්කර ගැනීමේ උත්සාහය අරමුණු කරමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැදපෙරදිග සංචාරය මධ්‍යයේ හමාස් සංවිධානය ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවකු නිදහස් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. හමාස් සංවිධානය විසින් පෙරේදා නිදහස් කරනු ලැබුවේ වසර 2023 ඔක්තෝබර් මස 7 වැනිදා ඊශ්‍රායලයෙන් පැහැරගත් ඊඩන් ඇලෙක්සැන්ඩර් නමැති 21 හැවිරිදි තරුණයකු බවත්, ඔහු මාස 19කට පසු නැවත සිය පවුලේ සාමාජිකයන් සමඟ එක්වූ බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

හමාස් සංවිධානය විසින් පැහැරගනු ලැබූ ප්‍රාණ ඇපකරුවන්ගෙන් ජීවතුන් අතර සිටි අවසන් ප්‍රාණ ඇපකරු එම තරුණයා බවට විශ්වාස කරන බව ඊශ්‍රායලය ප්‍රකාශ කර ඇති අතර, ඔහු නිදහස් කිරීම වෙනුවෙන් පැය කිහිපයකට සිය යුද මෙහෙයුම් අත්හිටුවීමට පියවර ගත් බව ද සඳහන් කර තිබේ.

ඊශ්‍රායල තරුණයා නිදහස ලැබීම සම්බන්ධව අමෙරිකානු ජනාධිපතිවරයා ද සුබපැතුම් එක් කර ඇතැයිද, ඉතිරි ප්‍රාණ ඇපකරුවන් 58 දෙනා නිදහස් කරගැනීම සඳහා මැදිහත් පාර්ශ්ව සමඟ එක්ව කටයුතු කරන ලෙස ඊශ්‍රායල රජයෙන් ඉල්ලීමක් කර ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT