Home » බංග්ලාදේශ මැතිවරණ කොමිසම හසීනාගේ පක්ෂය අත්හිටුවයි

බංග්ලාදේශ මැතිවරණ කොමිසම හසීනාගේ පක්ෂය අත්හිටුවයි

by mahesh
May 14, 2025 1:00 am 0 comment

විශ්වවිද්‍යාල සිසුන් හා ජනතාව එක්ව සිදු කළ අරගලයකින් මීට වසරකට පෙර බලයෙන් නෙරපා හරිනු ලැබූ බංග්ලාදේශයේ අගමැතිනිය ශෙයික් හසීනාගේ අවාමි ලීග් පක්ෂයේ ලියාපදිංචිය අත්හිටුවීමට එරට මැතිවරණ කොමිසම පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව එම පක්ෂයට ඉදිරියේදී පැවැත්වෙන කිසිදු මැතිවරණයකට ඉදිරිපත් වීමට නොහැකි බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. බංග්ලාදේශ මැතිවරණ කොමිසම මේ පියවර ගෙන ඇත්තේ පසුගියදා එරට අන්තර්වාර රජයේ ප්‍රධානි මහාචාර්ය මොහොමඩ් යූනුස් අවාමි ලීග් පක්ෂය තහනම් කිරිමෙන් පසුව බව ද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

බංග්ලාදේශයේ පැරැණිතම දේශපාලන පක්ෂය වන අවාමි ලීග් පක්ෂය 1971 වසරේ එරට නිදහස වෙනුවෙන් පෙරමුණ ගත් පක්ෂය වන අතර, ශෙයික් හසීනාගේ පියා මුජිබුර් රහ්මාන් එම පක්ෂයේ නිර්මාතෘවරයා මෙන්ම එරට පළමු අගමැතිවරයා ද විය. මේ වන විට ඉන්දියාවට පිටුවහල් වී සිටින ශෙයික් හසීනාට එරෙහිව අපරාධ චෝදනා යටතේ බංග්ලාදේශය විසින් වරෙන්තු නිකුත් කර ඇතැයි ද වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT