Home » පාකිස්තානයේ ත්‍රස්තවාදයට ඉරානයේ සහාය ලැබෙන බවට චෝදනාවක්

පාකිස්තානයේ ත්‍රස්තවාදයට ඉරානයේ සහාය ලැබෙන බවට චෝදනාවක්

by mahesh
May 14, 2025 1:00 am 0 comment

පාකිස්තානයේ ක්‍රියාත්මක වන ත්‍රස්තවාදයට ඉරානයේ සම්බන්ධතා ඇතැයි ඉතාලි දේශපාලන උපදේශකවරයකු වන සර්ජියෝ රෙස්ටිලි විසින් ටයිම්ස් ඔෆ් ඊශ්‍රායල් පුවත් සේවයට ලියන ලද ලිපියක සඳහන් වී තිබේ. ඉරානය දීර්ඝ කාලයක් පුරා ගෝලීය ත්‍රස්තවාදයට සම්බන්ධ බවත්, ඉන්දියාවේ ජම්මු කාශ්මීර් ප්‍රාන්තයේ ත්‍රස්ත ප්‍රහාරය සිදු කළ පාකිස්තානය කේන්ද්‍ර කරගත් ත්‍රස්තවාදයට හා මැදපෙරදිග ත්‍රස්තවාදයට ඉරානය සහාය දක්වන බවට එම ලිපිය මඟින් ඉතාලියේ දේශපාලන උපදේශකවරයා චෝදනා එල්ල කර ඇතැයි ටයිම්ස් ඔෆ් ඊශ්‍රායල් පුවත් සේවය වාර්තා කළේය. ඉරානයේ මේ ක්‍රියාකාරීත්වය හේතුවෙන් ජාත්‍යන්තර සාමයට හා ආරක්ෂාවට තර්ජනයක් එල්ල වී ඇතැයි ද ටයිම්ස් ඔෆ් ඊශ්‍රායල් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය.

ඉරාන රජය ලෙබනනයේ ක්‍රියාත්මක වන හෙස්බුල්ලා සංවිධානයට සහාය දක්වන බවට දැනටමත් ඊශ්‍රායලයෙන් හා අමෙරිකාවෙන් චෝදනා එල්ල වී ඇති බවත්, ලෙබනනයේ ෂියා මුස්ලිම් සංවිධානයක් වන හෙස්බුල්ලා සංවිධානයට සැලකිය යුතු මූල්‍යමය හා හමුදාමය සහාය ඉරානය විසින් ලබාදෙන බවට ඊශ්‍රායලය අඛණ්ඩව චෝදනා කර ඇති බවත් ඉතාලි දේශපාලන උපදේශක සර්ජියෝ රෙස්ටිලි ටයිම්ස් ඔෆ් ඊශ්‍රායල් පුවත් සේවයට සඳහන් කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT