Home » සන්නද්ධ කල්ලි දෙකක් ගැටී නායකයෙක් මිය යයි

සන්නද්ධ කල්ලි දෙකක් ගැටී නායකයෙක් මිය යයි

ලිබියාවේ අගනුවර නොසන්සුන්

by mahesh
May 14, 2025 1:00 am 0 comment

ලිබියාවේ සන්නද්ධ කණ්ඩායම් දෙකක් අතර සිදුවූ දරුණු වෙඩි හුවමාරුවකින් කණ්ඩායම් නායකයකු මිය යෑමෙන් එරට ට්‍රිපෝලි අගනුවර නොසන්සුන්තාවක් හටගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ට්‍රිපෝලි අගනුවර දකුණු දෙසින් පිහිටි ප්‍රදේශයකදී එම ගැටුම් සිදුවී ඇති අතර, වෙඩි හුවමාරුව දරුණු අතට හැරීමෙන් පසු නගරයේ හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කිරීමට බලධාරීන්ට සිදුවූ බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

ට්‍රිපෝලි අගනුවර සාමය ස්ථාපිත කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ඊයේ ලිබියානු රජයෙන් ඉල්ලීමක් කර ඇති බවත්, සිවිල් වැසියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට ලිබියානු රජය පියවර ගෙන ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT