චීන – ලතින් ඇමරිකානු සහ කැරිබියානු රාජ්‍ය සංසදයේ (CELAC) සිව්වැනි අමාත්‍ය මට්ටමේ සමුළුව මැයි මස 13 වනදා බෙයිජිංහි දී පැවැත්විණ. සමුළුවේ ප්‍රතිඵලයක් වශයෙන් නිකුත් කෙරුණු බෙයිජිං ප්‍රකාශයට අනුව, දෙපාර්ශ්වය ගැඹුරින් අදහස් හුවමාරු පවත්වා දේශපාලන සංවාදය ශක්තිමත් කිරීම, සහයෝගතා පුළුල් කිරීම හා අන්‍යෝන්‍ය විශ්වාසය ප්‍රවර්ධනය කිරීම පිළිබඳ ස්ථිර පොරොන්දු යළි අවධාරණය කර ඇත.
ජාත්‍යන්තර තත්ත්වය වේගයෙන් වෙනස් වෙමින් පවතින වර්තමානයේ, චීන-CELAC සංසදය ද්විපාර්ශ්වික සහයෝගතා ව්‍යාප්ත කිරීමේ වැදගත් වේදිකාවක් බවට පත්ව තිබෙන බවත් ගෝලීය දකුණේ සමගි ජීවගුණය දෙපාර්ශ්වය අවධාරණය කළ බවත් එම ප්‍රකාශයේ සඳහන් වේ.
‘චීන-CELAC රාජ්‍යයන් අතර වැදගත් ක්ෂේත්‍රවල සහයෝගතා පිළිබඳ ඒකාබද්ධ ක්‍රියා සැලැස්මේ (2025-2027)’ සඳහන් සහයෝගතා අවස්ථා සඳහා අවධානය යොමු කරමින් දෙපාර්ශ්වයේ සැලකිල්ලට ලක්ව ඇති කරුණු සම්බන්ධයෙන් පොදුවේ සාකච්ඡා කිරීමට එකඟ වී තිබේ.
ගෝලීය අභියෝගවලට මුහුණ දීම සඳහා වැදගත් ක්ෂේත්‍රවල සහයෝගතා පැවැත්වීමට දෙපාර්ශ්වය කැමැත්තෙන් සිටිති. එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ මූලධර්මය හා ජාත්‍යන්තර නීති අනුගමනය කිරීමට යොමු වෙමින්, ආර්ථික, සමාජයීය, සහයෝගාත්මක, පාරිසරික තිරසර බවින් හා සමතුලිතභාවයෙන් යුතු සංවර්ධනය සඳහා කලාපීය හා බහුපාර්ශ්වික සහයෝගතාවන් හි වැදගත්කම අවධාරණය කෙරේ.
අන්තර් රාජ්‍ය අදහස් හුවමාරු ශක්තිමත් කරමින්, යටිතල පහසුකම්, සන්නිවේදනය හා ගමනාගමන සම්බන්ධකම්, විද්‍යා තාක්ෂණික නවෝත්පාදනය, බලශක්ති පරිභෝජන රටා වෙනස්කිරීම, දිළිඳුකම තුරන් කිරීම යන ක්ෂේත්‍රවල අන්‍යෝන්‍ය අධ්‍යයනය පුළුල් කිරීම දෙපාර්ශ්වයේ අපේක්ෂාවය. එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙලේ පොදු සංවර්ධනයට එක්වන පාර්ශ්වයන් චීන ලතින් ඇමරිකා ආර්ථික හා සමාජ සංවර්ධනයට ලබා දුන් දායකත්වය අගය කෙරේ.
සාමකාමී ලෝකයක් ගොඩනැගීමෙහි නියැළී සිටිමින්, පොදු ජයග්‍රාහී, සහයෝගතා, අන්‍යෝන්‍ය ප්‍රතිලාභී, පොදු ජයග්‍රහණ දිනා ගන්නා ආර්ථික ගෝලීයකරණය ඉදිරියට ගෙන යාමට දෙපාර්ශ්වය මුලපිරීමට කටයුතු කරන බව ද බෙයිජිං ප්‍රකාශය සඳහන් කර ඇත.