Home » ගල්කිස්සේ තරුණයා ඝාතනයට දෙදෙනෙක් අත්අඩංගුවට

ගල්කිස්සේ තරුණයා ඝාතනයට දෙදෙනෙක් අත්අඩංගුවට

by chanaka
May 14, 2025 10:03 am 0 comment

ගල්කිස්ස ප්‍රදේශයේ සිදුවූ ඝාතනයකට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

වයස අවුරුදු 21 සහ 32 වන සැකකරුවන් ගල්කිස්ස සහ දෙහිවල පදිංචිකරුවන් වේ.

ගල්කිස්ස කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය සහ ගල්කිස්ස පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

මෙම ඝාතනය මෙම මස 5 වන දින සිල්වෙස්ටර් පාරට හැරෙන මංසන්ධිය අසලදී සිදු වූ අතර එහිදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු 19හැවිරිදි පුද්ගලයකුට වෙඩිතබා ඝාතනය කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT