203
කොත්මලේ රම්බොඩ ගැරඩි ඇල්ල ප්රදේශයේදි සිදු වූ බස්රථ අනතුරින් බරපතල ලෙස තුවාල ලබා ගම්පොළ මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබමින් සිටි තරුණයෙකු අද (14) පෙරවරුවේ මිය ගිය බව කොත්මලේ පොලිසිය සදහන් කරයි
පොලීසිය පවසන්නේ, මෙලෙස මියගොස් ඇත්තේ තිස්සමහාරාම ප්රදේශයේ පදිංචි අවුරුදු 21ක තරුණයෙකු බවයි.
එම බස් රථ අනතුරින් මේ වන විට 23 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී 40 කට ආසන්න පිරිසක් නාවලපිටිය, ගම්පොළ, නුවරඑලිය යන මූලික රෝහල්වලද පේරාදෙණිය සහ මහනුවර යන ශික්ෂණ රෝහල්වල නේවාසිකව ප්රතිකාර ලබයි.