Thursday, May 15, 2025
Home » අත්අඩංගුවට ගැනීම වළක්වන්න හිටපු ඇමති මහින්දානන්දගෙන් පෙත්සමක්

අත්අඩංගුවට ගැනීම වළක්වන්න හිටපු ඇමති මහින්දානන්දගෙන් පෙත්සමක්

by chanaka
May 14, 2025 4:29 pm 0 comment

කල්පනි අබේසිංහ

ඉකුත් රජය සමයේ ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නැවක් මෙරටට ආනයනය කිරීම සම්බන්ධයෙන් තමන්ව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස ඉල්ලා හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඉදිරිපත් කළ ඇප අයදුම්පත ලබන 19 වැනිදා සලකා බැලීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය ඊයේ(14) නියම කළේය.

රජයට ඇමෙරිකානු ඩොලර් මිලියන හයයි දශම නවයක (6.09) පාඩුවක් සිදුකරමින් මීට වසර හතරකට පෙර (2021) චීනයේ සමාගමකින් මෙරටට ගෙන්වන ලද ප්‍රමිතියට අනුකූල නොවන කාබනික පොහොර තොගයකට අදාලව අත්හිටුවා තිබූ ණයවර ලිපි විවෘත කිරීමට උපදෙස් ලබා දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් කරුණු දැක්වීමට අල්ලස් හෝ දුෂ්‍ය මර්දන කොමිසමට නොතීසි නිකුත් කරන ලෙසටද මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

සිද්ධියට අදාළව තමා අත්අඩංගුවට නොගන්නා ලෙස ඉල්ලා හිටපු කෘෂිකර්ම අමාාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඊයේ අපේක්ෂිත ඇප ඉල්ලුමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය හමුවේ ගොනු කර තිබිණි.

ඒ අනුව අද දින පැමිණිල්ල කැඳ වූ අවස්ථාවේ මහින්දානන්ද අලුගමගේ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරු පවසා සිටියේ, මෙම අපේක්ෂිත ඇපය සම්බන්ධයෙන් කරුණු දැක්වීමට ජනාධිපති නීතීඥ කාලිංග ඉන්දතිස්ස මහතා බලාපොරොත්තුවෙන් සිටින බවයි.

ඒ අනුව ඒ සඳහා සිකුරාදා දින ලබා දෙන ලෙස නීතීඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඊට පිළිතුරු දෙමින් මහේස්ත්‍රාත්වරිය පැවසූවේ හෙට සහ සිකුරාදා දින කැඳවීමට දින නියමව ඇති නඩු බොහෝමයක් ඇති බවත් එම නිසා මෙම නඩුව සම්බන්ධන එළැඹෙන සඳුදා දින අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙසයි.

ඒ අනුව පෙත්සම සම්බන්ධව කරුණු දැක්වීමට එදිනට දින නියම කළ මහේස්ත්‍රාත්වරිය මෙම ඉල්ලීම සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස දන්වා අල්ලස් කොමිසමට නොතීසි නිකුත් කළාය.

හිටපු අමාත්‍යවරු කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමට බලාපොරොත්තු වන බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම පෙර නඩු දිනයක දී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය හමුවේ දන්වා තිබුණි.

මෙම සිද්ධියට අදාළව රක්ෂිත බන්ධානාගාරගත කර සිටි කෘෂිකර්ම අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම්වරයෙකු වන මහේෂ් ගම්මන්පිල ඇප මත මුදා හැර තිබුණි.

පෙත්සම මැයි 19 වැනිදා යළි කැඳවීමට නියමිතය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT