වැල්ලවාය පොලිස් වසමට අයත් ඩිංගිආර ප්‍රදේශයේ අනවසර හේන් යායක වෙසක් පෝදා රාත්‍රී ඝාතනය කරන ලදැයි සැලකෙන වනඅලියෙකුගේ මළ සිරුරක් ඊයේ (13) හමුවී ඇත.
අනවසරයෙන් හේන් කරන රජයේ රක්ෂිතයට අයත් වගා බිමකට පෙරේදා (12) රාත්‍රී අලියා පැමිණ ඇති අතර එදින රාත්‍රී වගාවන් රැකබලා ගනිමින් සිටි අයෙකු විසින් අලියාට වෙඩි තබන්නට ඇතැයි වන ජීවී නිලධාරීන් විශ්වාසය පළකරයි.
අඩි 06 – 07 අතර උසැති මෙම වනඅලියාගේ වයස අවුරුදු 12-15 පමණ අතර වන බව වනජීවී නිලධාරීහු පවසති.
මියගිය අලියාගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය දකුණු පළාත් වනජීවී සහකාර අධ්යක්ෂ කාර්යාලයේ පශු වෛද්‍ය නිලධාරිනිය විසින් පැවැත්වීමට නියමිතව ඇත.
වැල්ලවාය වනජීවී කාර්යාලයේ වනජීවී අඩවි ආරක්ෂක නිශාන්ත ප්‍රේමලාල් මහතා පරීක්ෂණ පවත්වයි.