8
බදුල්ල ඓතිහාසික මුතියංගණ රජමහා විහාරස්ථානයේ වාර්ෂික වෙසක් මහ පෙරහර පෙරේදා (12) රාත්‍රි බදුල්ල නගරයේ වීදි සංචාරය කළේය.
සියම් මහා නිකායේ අස්ගිරි මහ විහාර පාර්ශ්වයේ මහා නායක බදුල්ල මුතියංගණ රජමහා විහාරස්ථානයේ විහාරාධිපති වරකාගොඩ ඥානරතන හිමියන්ගේ සහ මුතියංගණ රජමහා විහාරස්ථානයේ භාරකාරධූර මුරුද්දෙණියේ ධම්ම රතන හිමියන්ගේ අනුශාසනා පරිදි සංවිධානය කර තිබු මෙම ඓතිහාසික මුතියංගණ පෙරහරේ මෙවර සධාතුක කරඬුව වැඩම කරනු ලැබූයේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ මිගාර හස්තියා විසිනි.
දෑල ඇතුන් ලෙස කතරගම කිරි වෙහෙරේ සාලිය හස්තියා සහ රත්නපුර සමන් දේවාලයේ කණ්ඩුල තිස්ස හස්තියා ගමන් කළහ.
පෙරහර අලි ඇතුන්ගෙන් සහ අලංකාර නර්තනයන්ගෙන් අලංකාර වී තිබිණ.