Home » දුන්කලණියේ පතල් වළක එරුණු ඇතින්නිය බේරාගන්න ප්‍රදේශවාසීහු දැඩි උත්සාහයක

දුන්කලණියේ පතල් වළක එරුණු ඇතින්නිය බේරාගන්න ප්‍රදේශවාසීහු දැඩි උත්සාහයක

by mahesh
May 14, 2025 1:00 am 0 comment

සීගිරිය විශේෂ

මාතලගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කළුගඟ, දුන්කලණිය ප්‍රදේශයේ වන ලැහැබක් මැද පතල් ගැරූ වළක එරී දින ගණනක් ඇතින්නියක් සිටින බව ප්‍රදේශවාසීහු පවසති.

දින හතරකට පෙර මේ ඇතින්නිය හමු වූ බවත්, මේ පිළිබඳව වන ජීවී නිලධාරීන් දැනුම්වත් කර ඇති බවත් ප්‍රදේශවාසීහු කියති.

ඒ අනුව වන ජීවී නිලධාරීන් කණ්ඩායමක් පැමිණ ඇතින්නියට ප්‍රතිකාරයක් කර තිබේ. එහෙත් ඇතින්නිය ගොඩගැනීමට කිසිදු පියවරක් නොගත් බවට ජනතාව චෝදනා කරති. රොන්මඩවලින් පිරුණු වළේ එරී සිටින ඇතින්නිය කිසිදු ආහාරයක් නොමැතිව ගොඩ ඒමට නොහැකිව සිටින බව ප්‍රදේශවාසීහු පවසති.

මේ ඇතින්නගේ ජීවිතය බේරාගැනීමට ප්‍රදේශවාසීහු දැඩි උත්සාහයක නිරත වෙමින් සිටිති.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT