කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී ප්‍රපාතයකට පෙරළී අනතුරට ලක්වූ ලංගම බස් රථය සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණ අවසන් අදියරේ පවතින බව ප්‍රවාහන අමත්‍යාංශය පවසයි.
මේ වන විට එම බස් රථයේ තත්ත්වය සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් සිදු කෙරෙන පරීක්ෂණ අවසන් බවත් අනතුරට පත් බස් රථයේ ටිකට් මුද්‍රණ යන්ත්‍රය ද සොයාගෙන ඇති බවත් අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.
එම යන්ත්‍රයෙන් එදින නිකුත් කළ ප්‍රවේශපත්‍ර ගණන සම්බන්ධයෙන් ද පරීක්ෂණ සිදු කරන බව එම නිලධාරියා පැවසීය.
බස් රථය තුළ ගමන් කළ මගීන් ප්‍රමාණය සම්බන්ධයෙන් ද විමර්ශනයේදී අවධානය යොමු කර ඇති බව ඔහු කීය. මේ පරීක්ෂණය සඳහා එම බස් රථය ධාවනය වන කාලයේ ඊට සමගාමීව ධාවනය කළ අනෙකුත් බස් රථ සම්බන්ධයෙන් වාර්තාවක් ලංගමයෙන් ඉල්ලා ඇති බව ද එම නිලධාරියා සඳහන් කළේය.
බස් රථයේ දෛනික ධාවන වාර්තා, නඩත්තු මෙහෙයුම් වාර්තා මෙන්ම ඊට අනුයුක්තව යෙදවූ සේවකයන්ගේ වාර්තා ද පරිශීලනය සඳහා ලංගමයෙන් ඉල්ලා ඇති බව ද එම නිලධාරියා පැවසීය.
එම සියලු වාර්තා පරිශීලනය කර අවසන් වාර්තාව නිකුත් කිරීමට නියමිත බව එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.