Home » බුද්ධ රශ්මි වෙසක් කලාපය ආගමික සහජීවනයට වැදගත්

බුද්ධ රශ්මි වෙසක් කලාපය ආගමික සහජීවනයට වැදගත්

by mahesh
May 14, 2025 1:00 am 0 comment

නුවන් කොඩිකාර

විවිධ ජාතීන් වෙසෙන කොළඹ නගරයේ සියලුදෙනා එක්ව සාමූහිකත්වයෙන් පවත්වන බුද්ධ රශ්මි වෙසක් කලාපය ආගමික සහජීවනය සඳහා වැදගත්වන බව අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය පැවසුවාය.

කොළඹ, හුනුපිටිය ගංගාරාම විහාරය, ජනාධිපති කාර්යාලය හා අගමැති කාර්යාලය එක්ව සංවිධානය කළ බුද්ධ රශ්මි වෙසක් කලාපය පෙරේදා (12) විවෘත කිරීමෙන් අනතුරුව අගමැතිවරිය මේ බව සඳහන් කළාය.

අගමැතිවරිය වැඩිදුරටත් මෙසේ ද පැවසුවාය.

Òවිවිධ ජාතීන් වෙසෙන කොළඹ නගරයේ සියලුම දෙනා සාමූහිකත්වයෙන් පවත්වන මෙම බුද්ධ රශ්මි වෙසක් කලාපය සුවිශේෂී වෙනවා. කොළඹ නගරය තුළ තියෙන ආගමික සහජීවනය මේ සඳහා ඉතාම වැදගත් වෙනවා. මෙම සහජීවනය නිසාම තමයි අපිට විශාල දන්සල් ප්‍රමාණයක්, වෙසක් කලාප ප්‍රමාණයක් දැකගන්න ලැබෙන්නේ. මේ දන්සල් පවත්වන්නේ නගරයේ ඉන්න සියලු දෙනා එකතු වෙලා ඔවුන්ගේ මුදල් සහ ශ්‍රමය වැය කරලා.

ශ්‍රී ලාංකේය බෞද්ධ ප්‍රබෝධය, බෞද්ධ සංස්කෘතිය හා ජාතික අනන්‍යතාව අපේ රටේ බෞද්ධයන්ට පමණක් නොව විදේශීය බෞද්ධයන්ට ද විදෙස් සංචාරකයන්ට ද ලබාදීමට විහාරාධිකාරි කිරින්දේ අස්සජි ස්වාමීන් වහන්සේ දරනු ලබන ප්‍රයත්නය අගය කළ යුතුයි.

ඒ වගේම ඊයේ කොත්මලේ ප්‍රදේශයේදී සිදු වුණු බස් රථ අනතුරින් මියගිය පිරිස හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ඉතාම සංවේගයෙන් මේ මොහොතේ මතක් කරනවා. එමෙන්ම තුවාල ලැබූ පිරිසට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.

මේ අවස්ථාවට බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු ඇමැති මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, ඉන්දියානු මහ කොමසාරිස් සන්තෝෂ් ජා, අගමැති ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී මහත්වරු ඇතුළු විශාල පිරිසක් සහභාගි වී සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT