Home » ඩේටා දන්සල්වලට රැවටෙන්න එපා

ඩේටා දන්සල්වලට රැවටෙන්න එපා

ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය

by mahesh
May 14, 2025 1:00 am 0 comment

රක්ෂණ ශ්‍රියන්ත

මේ දිනවල විවිධ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ව්‍යාජ වෙසක් ඩේටා දන්සල්වලට නොරැවටෙන ලෙස ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

මෙම දිනවල වට්ස්ඇප් සමූහ ඇතුළු සමූහවල සංසරණය වන්නේ ව්‍යාජ ඩේටා දන්සලක ලින්ක් එකක් බවත් ඒ තුළින් සිදු වන්නේ පුද්ගලයන්ගේ පෞද්ගලික සහ රහස්‍ය තොරතුරු රැස් කර ගැනීම බවත් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චරුක දමුණුපොළ මහතා ‘දිනමිණ’ට පැවසීය.

මේ දිනවල සත්‍ය වශයෙන්ම දෙන ඩේටා දන්සල් කිහිපයක් ද ඇති බවත් නමුත් වට්ස්ඇප් සමූහ සහ කෙටි පණිවිඩ ඔස්සේ ඔබට ලැබෙන්නේ සහ තවදුරටත් එම පණිවිඩය සමූහ ඔස්සේ යවන ලෙස පවසන්නේ ව්‍යාජ ලින්ක් එකක් බවත් ඒ මහතා පැවසීය.

වට්ස්ඇප් සමූහ සහ කෙටි පණිවිඩ ඔස්සේ ඔබට ලැබෙන ඩේටා දන්සල් පණිවිඩයේ ලින්ක් එක ඕපන් කිරීමත් සමඟ ඔබ යොමු වන්නේ වෙනත් වෙබ් අඩවියකට වන අතර, එමඟින් ඔබගේ නම, උපන් දිනය, ජාතික හැඳුනුම්පත් අංකය, ඇතුළු විවිධ සංවේදී තොරතුරු ඔවුන් ලබා ගන්නා බව ද ඉංජිනේරු චරුක දමුණුපොළ මහතා පෙන්වා දෙයි.

එබැවින් කිසිම අවස්ථාවක ඔබට වට්ස්ඇප් ඔස්සේ හෝ කෙටි පණිවිඩ ඔස්සේ ලැබෙන නොදන්නා ලින්ක් විවෘත කිරීමෙන් වළකින ලෙසත් ඔබගේ සංවේදී තොරතුරු වෙනත් පාර්ශ්වයකට කිසිදු අවස්ථාවක නොදෙන ලෙසත් චරුක දමුණුපොළ මහතා වැඩිදුරටත් පැවසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT