Home » මාර්ග ආරක්ෂාවට දැඩි තීරණ

මාර්ග ආරක්ෂාවට දැඩි තීරණ

by mahesh
May 14, 2025 12:59 am 0 comment

සුභාෂිණී සේනානායක

මාර්ග ආරක්ෂාව සම්බන්ධයෙන් ඉදිරියේදී දැඩි තීරණ රැසක් ගැනීමට ප්‍රවාහන අමාත්‍යාංශය සූදානම් වේ. ජාතික ගමනාගමන කොමිෂන් සභාව යටතේ ධාවනයට එක් කර ඇති සියලු බස් රථ, පාසල් වෑන්, ජනතාවට ප්‍රවාහන පහසුකම් සලසන සියලු ත්‍රිරෝද රථ මේ අනුව නියාමනයට ලක්කෙරෙණු ඇත.

මේ සම්බන්ධයෙන් ඊයේ (13) ප්‍රවාහන මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් ද පවත්වා තිබේ.

මාර්ග ආරක්ෂාව සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග ගැන එහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක්ව ඇත.

මේ අනුව දිවයින පුරා ධාවනයට එක්කර ඇති ලංගම සහ පෞද්ගලික බස් රථ නියාමනයට ලක් කිරීම, බස් රථවල තත්ත්ව පරීක්ෂා සිදු කිරීම, රියැදුරන් සහ කොන්දොස්තරවරුන් සෞඛ්‍ය පරීක්ෂණවලට ලක් කිරීම, ඔවුන්ට පුහුණ වැඩමුළු පැවැත්වීම, බස් රථ ඇතුළු මගී ගමනාගමන රථ ධාවනය කරන රියැදුරන් මත්ද්‍රව්‍ය භාවිත කර සිටින්නේ ද යන්න සම්බන්ධයෙන් අහඹු පරීක්ෂණ පැවැත්වීම, ධාවනයට එක් කර ඇති බස් රථවල තත්ත්ව පරීක්ෂා කිරීම හා අදාළ වාර්තා පරීක්ෂා කිරීම් ඇතුළු ක්‍රියාමාර්ග රැසක් ගැනීමට නියමිතය.

ප්‍රවාහන අමාත්‍යාංශය, පොලිස් රථ වාහන කොට්ඨාසය, මාර්ග සංවර්ධන අධිකාරිය, ජාතික ප්‍රවාහන කොමිසම, ලංකා ගමනාගමන මණ්ඩලය ඇතුළු මාර්ග ආරක්ෂාවට සම්බන්ධ සියලු ආයතන මේ සඳහා එක් වීමට නියමිතය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT