Home » 19දා සිට 24දා දක්වා ඩෙංගු මර්දන සතියක්

19දා සිට 24දා දක්වා ඩෙංගු මර්දන සතියක්

by mahesh
May 14, 2025 1:00 am 0 comment

සන්ධ්‍යා කරුණාරත්න

ජාතික ඩෙංගු මදුරු මර්දන සතිය ලෙස මේ මස 19 වැනිදා සිට 24 වැනිදා දක්වා වූ කාලය ප්‍රකාශයට පත් කර ඇතැයි ජාතික ඩෙංගු මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා “දිනමිණ”ට ඊයේ (13) පැවසීය.

දිස්ත්‍රික්ක 15ක ඩෙංගු අවදානම සහිත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 95ක් ඉලක්ක කරමින් මෙම සතිය තුළදී ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කරන බව ද ඒ මහතා පැවසුවේය.

සෞඛ්‍ය කාර්ය මණ්ඩලය, ත්‍රිවිධ හමුදාව ඇතුළු පොලීසිය, ජනතාව යනාදි සියලුදෙනා එක්ව මෙම මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කරන බව ද ඒ මහතා පැවසුවේය.

මෙම වර්ෂයේ ආරම්භයේ සිට පෙරේදා (12) දක්වා ඩෙංගු ආසාදිතයන් 19,724ක් වාර්තා වී ඇති බවත් මැයි මාසයේ මෙතෙක් ආසාදිතයන් 2000කට වැඩි පිරිසක් වාර්තා වී ඇති බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT