කටුමැටි ගැසූ නිවෙසක නිසි ආරක්ෂාවක් නොමැතිව සිටි පියා අහිමි දරු පවුලකට නව නිවෙසක් සාදා භාරදීම ආදිවාසී නායකත්වයේ මැදිහත්වීමෙන් මහියංගණ පොලීසියේ ප්‍රධානත්වයෙන් වෙසක් පොහෝ දින සිදුවිය. මීට වසර ගණනකට පෙර පියා මියගොස් සිටි මේ අසරණ දරු පවුලේ සිටින දියණියන් දෙදෙනා වැඩිවියට පැමිණ සිටි අතර, ඔවුන් දෙදෙනාට නිසි ආරක්ෂාවක් කටුමැටිගෙයි නොතිබුණු බවත් වර්ෂාවත් සමඟ එහි බිත්ති ගැලවී සේදී ගොස් තිබූ බවටත් හඳුනාගෙන තිබූ බව පොලීසිය සඳහන් කරයි. ඒ අනුව ආදිවාසී නායකයාගේ පූර්ණ මැදිහත්වීමෙන් මේ නිවෙස රුපියල් ලක්ෂ 05කට අධික වියදමක් දරා සකස් කර ඔවුන්ට භාරදුන් බව ද පොලීසිය කියයි.
ආදිවාසී නායකයාගේ මඟ පෙන්වීමෙන්, මේ නිවෙස තැනීමට මහියංගණ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.ඩබ්ලිව්.සී. ආර්. වික්‍රමරත්න මහතා හා පොලීසියේ සියලු නිලධාරීන් සිය ශ්‍රමය එක් කර තිබිණි.
බදුල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති, සුජිත් වෙදමුල්ල, බදුල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කන්දේවත්ත මහත්වරුන්ගේ පූර්ණ අධීක්ෂණයෙන් හා උපදෙස් මත නිෙවස කඩිනමින් ඉදි කෙරිණි.
ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන්, මහියංගණ සහකාර පොලිස් අධිකාරී පී.ඩබ්ලිව්. එස්.බී. පලිපාන, මහියංගණ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩබ්ලිව්. ඩබ්ලිව්. සී.ආර්. වික්‍රමරත්න මහත්වරු ඇතුළු පිරිසක් නිෙවස විවෘත කිරීමේ අවස්ථාවට එක්ව සිටියහ.