Home » පවිත්‍රතා සේවකයාට වෙඩි තබා ඝාතනය කිරීමට සහය වූ ‘සැන්ඩෝ’ගේ සගයින් දෙදෙනා අත්අඩංගුවට

පවිත්‍රතා සේවකයාට වෙඩි තබා ඝාතනය කිරීමට සහය වූ ‘සැන්ඩෝ’ගේ සගයින් දෙදෙනා අත්අඩංගුවට

by mahesh
May 14, 2025 1:00 am 0 comment

දෙහිවල සමූහ - ඩී. හේරත්

සිල්වෙස්ටර් පාර, ගාලු පාර ඉදිරිපිට, වෙරළ පාරට හැරෙන හංදිය අසලදී ඕබන් පෙදෙස අංක 55/132, දරන නි‍ෙවසේ පදිංචිව සිටි 19 හැවිරිදි දෙහිවල ගල්කිස්ස මහ නගර සභා පවිත්‍රතා සේවයේ යෙදී සිටි කළුතර පටබැඳිගේ නිශ්ශංක පීරිස් පුද්ගලයාට පසුගිය 05 වැනිදා යතුරුපැදියකින් පැමිණ මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝලයකින් වෙඩි තබා ඝාතනය කළ පුද්ගලයන් දෙදෙනාට ආධාර හා අනුබල ලබාදුන් පුද්ගලයන් දෙදෙනකු ත්‍රිරෝද රථයක් සමඟ පෙරේදා (12) ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගනු ලැබ ඇතැයි පොලීසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගල්කිස්ස, ටෙම්පලර් පාර පදිංචිව සිටින 21 හැවිරිදි පුද්ගලයෙක් හා දෙහිවල, කවුඩාන, සිරිසඟබෝ පාර පදිංචිව සිටින 32 හැවිරිදි පුද්ගලයෙකි.

සිදු කළ මූලික පරීක්ෂණවලට අනුව ඝාතනයට ලක්වූ අය උදෑසන 6.30ට පමණ සිල්වෙස්ටර් පාරට හැරී මාර්ගය අතුගාමින් ඉදිරියට යන අයුරු මෙම පුද්ගලයන් දෙදෙනා විසින් ත්‍රිරෝද රථයේ සිට විදේශගත ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මෙම ඝාතනයේ සැලසුම්කරු වන කවිඳු ධනංජය හෙවත්. Òසැන්ඩෝÓ යන අය වෙත ත්‍රිරෝද රථයේ සිට දුරකතන ඇමතුම් ලබා දෙන ආකාරයත් නිරීක්ෂණය වී ඇතැයි ද පොලීසිය පැවසීය.

ඝාතනය සිදුකිරීමෙන් අනතුරුව එම පුද්ගලය වැටී සිටි ස්ථානය හා එය සිදු කළ ආකාරය ගැන සනාත කිරීමට වීඩියෝ දර්ශන ලබාගෙන ත්‍රිරෝද රථයේ සිටිමින් ‘සැන්ඩෝ’ යන අය වෙත යවා ඇති බවටත් සැකකරුවන් දෙදෙනාගේ දුරකතන දත්ත විශ්ලේෂණයේදී හෙළිවී ඇතැයි ද පොලීසිය පවසයි. සැකකරු හා නඩු භාණ්ඩ ඊයේ (13) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත තිබූ අතර, වැඩිදුර විමර්ශන කටයුතු ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසන්න බ්‍රහ්මණගේ, පොලිස් අධිකාරි රෝහන් පුෂ්පකුමාර යන මහතුන්ගේ අධීක්ෂණය මත ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් සිදුකරගෙන යනු ලබයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT