Home » සැඟව සිටින ‘ටීචර් අම්මා’ අද උසාවි එන බවට සැකයක්
සේවකයකුගේ බඩට පයින් ගැසුවැයි කියන

සැඟව සිටින ‘ටීචර් අම්මා’ අද උසාවි එන බවට සැකයක්

by mahesh
May 14, 2025 12:59 am 0 comment

ගයාන් කුමාර වීරසිංහ

සිය සේවකයකුගේ යටි බඩ ප්‍රදේශයට පා පහරක් එල්ල කිරීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය සොයමින් සිටින ‘ටීචර් අම්මා’ නමැති අන්වර්ථ නාමයෙන් පෙනී සිටින පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව උපකාරක පන්ති ගුරුවරියක ලෙස කටයුතු කරන හයේෂිකා ප්‍රනාන්දු මහත්මිය මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද (14) පෙනී සිටිනු ඇතැයි පොලීසිය විශ්වාස කරයි.

මෙම සැකකාරිය දින කිහිපයක් තිස්සේ කටානේ පිහිටි සිය නිවෙස ද වසා දමා දියණිය සමඟ පලාගොස් සැඟව සිටින බවත්, ඇය උපකාරක පන්තිය ද වසා දමා ඇති බව උසස් පොලිස් නිලධාරියකු පැවසීය.

මෙම පහරදීමට හේතුව එම තරුණයා තරුණියකට අතවරයක් කිරීමට උත්සාහ දැරීමක් බව උපකාරක පන්ති ගුරුවරියගේ පාර්ශ්වයෙන් පවසා තිබිණි. එහෙත් සැබෑ ලෙසම එම පහරදීමට හේතු වී ඇත්තේ තරුණයාගේ සහෝදරියක් ගුරුවරිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පළ කර ඇති සටහනක් නිසා යැයි ද කියවේ.

එය මුල්කරගෙන උපකාරක පන්ති ගුරුවරියත්, ඇගේ සැමියාත් උපකාරක පන්ති පවත්වන ආයතනයේ කළමනාකරුත් තරුණයාට පහරදී ඇතැයි විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

මෙම පහරදීම සම්බන්ධයෙන් කටාන පොලීසියට ලද පැමිණිල්ලකට අනුව විමර්ශන පවත්වා උපකාරක පන්ති ගුරුවරියගේ සැමියාත් කළමනාකරුත් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි. එහිදී ඔවුන් දෙදෙනා අද (14) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මීගමුව මහේත්‍රාත් අධිකරණය නියෝග කරනු ලැබ ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT