Home » වෙන්නප්පුව මුහුදේ නාන්න ගිය 3ක් අතුරුදන්

වෙන්නප්පුව මුහුදේ නාන්න ගිය 3ක් අතුරුදන්

අයෙක් මරුට: දෙදෙනෙක් බේරා ගැනෙති

by mahesh
May 14, 2025 1:00 am 0 comment

පුත්තලම අතිරේක - හිරාන් ප්‍රියකංර ජයසිංහ සහ පුත්තලම දිසා සමුහ - ප්‍රසාද් පුර්ණමාල්

වෙන්නප්පුව වෙල්ලමංකරේ වෙරළ තීරයේ දිය නෑමට ගිය 06 දෙනකු ඊයේ (13) සවස දියේ ගිලී ඇති අතර තිදෙනකු අතුරුදන් වී ඇත.

ප්‍රදේශවාසීන්ගේ මැදිහත් වීමෙන් ජීවිත බේරාගත් තිදෙනාගෙන් එක් අයෙක් රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.

ඇතුරුදන් වූ තිදෙනා සොයා ඊයේ (13) රාත්‍රී කාලය වන තුරුම උත්සහයක යෙදුන නමුත්, සිරුරු සොයා ගැනීමට නොහැකි වූ බව වෙන්නප්පුව මූලස්ථාන පොලිසිය සඳහන් කළේය.

මියගොස් සහ අතුරුදන්ව ඇත්තේ බගවන්තලාව ප්‍රදේශයේ පදිංචි තරුණයන් පිරිසකි. මෙම තරුණයන් වයස අවුරුද 20ත් 26ත් අතර අයවලුන් බව ද පොලීසිය සඳහන් කරයි.

දියේ ගිලී අතුරුදන් වූවන් සොයා ධිවරයන් සහ ප්‍රදේශවාසීන් එක්ව අද දින ද සෝදිසියක් දියත් කරන බව පොලිසිය කියයි.

මෙම පිරිස බගවන්තලාව ප්‍රදේශයේ සිට වෙන්නප්පුවට පැමිණ විවිධ වෘත්තීන්වල නියැලෙමින් සිටි අය බව පොලිසිය සඳහන් කළේය. ඔවුන් දිය නෑමට වෙන්නප්පුව වෙල්ලමංකර මුහුදු තීරයට පැමිණ ඇත්තේ සවස 5.30ට පමණය.

දිය නාමින් සිටියදී දිය රළකට හසුව ඔවුන් ගසාගෙන ගොස් ඇති බව පොලීසිය සඳහන් කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT