Home » සිසුවියකට ලිංගික අතවර කළ මාතර පාසලක ගුරා අත්අඩංගුවට

සිසුවියකට ලිංගික අතවර කළ මාතර පාසලක ගුරා අත්අඩංගුවට

by mahesh
May 14, 2025 1:00 am 0 comment

ගයාන් කුමාර වීරසිංහ සහ තෙලිජ්ජවිල සමූහ

වයස අවුරුදු 14ක සිසුවියකට බරපතළ ලිංගික අතවරයක් සිදු කිරීමක් සම්බන්ධයෙන් මාතර පාසලක ගුරුවරයකු මාතර කොට්ඨාස ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයේ නිලධාරීන් පෙරේදා (12) අත්අඩංගුවට ගෙන ඇත.

ගුරුවරයා ඉගැන්වීම් සිදුකරන පාසලේ 09 ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන සිසුවියක් අපයෝජනයට ලක්ව ඇති බව පොලීසිය සඳහන් කළේය. වයස අවුරුදු 49ක් වන මෙම ගුරුවරයා සිසුවියට ලිංගික අතවර කිරීම හා ලිංගික කටයුතු සඳහා පොලබවා ගැනීමට ඇවිටිලි කිරීම යන චෝදනා මත අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT