Home » ගෘහ සේවයේ යෙදී සිටිමින් රන් භාණ්ඩ කොල්ලකෑ අයෙක් බඩුත් සමඟ මාට්ටු

ගෘහ සේවයේ යෙදී සිටිමින් රන් භාණ්ඩ කොල්ලකෑ අයෙක් බඩුත් සමඟ මාට්ටු

by mahesh
May 14, 2025 1:00 am 0 comment

දෙහිවල සමූහ - ඩී.පී.හේරත්

ගල්කිස්ස, හේනපාර නි‍ෙවසක ගෘහ සේවකයෙකු ලෙස සේවය කරමින් සිට එම නි‍ෙවසේ රන් භාණ්ඩ සොරාගත් පුද්ගලයකු සොරාගත් රන් භාණ්ඩ සමඟ ගල්කිස්ස අපරාධ අංශය මඟින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසයි.

සැකකරු රත්මලාන, තෙලවල ප්‍රදේශයේ පදිංචිව සිටින 52 හැවිරිදි පුද්ගලයෙක් වන අතර, හේනපාර නි‍ෙවසේ ගෘහ සේවකයකු ලෙස සේවය කරමින් සිට ඇතැයි පොලීසිය පවසයි.

නිවැසියන් පසුගියදා නිවෙසින් බැහැරව යාම සඳහා රන්භාණ්ඩ සොයා බැලීමේදී ඒවා නොමැති බව දැනගත් වහාම ගල්කිස්ස පොලීසිය වෙත පැමිණිලි කරනු ලැබ ඇත. ඒ අනුව ක්‍රියාත්මක වූ පොලීසිය සැකපිට ගෘහ සේවකයා අත්අඩංගුවට ගෙන සිදු කළ ප්‍රශ්න කිරීම්වලට අනුව සැකකරු සොරාගත් රන්භාණ්ඩ මොරටුව ප්‍රදේශයේ උකස් මධ්‍යස්ථාන වෙත උකස්කර තිබියදී එම කුවිතාන්සිද සමඟ අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇතැයි ද පොලීසිය පැවසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT