එක්සත් ජාතීන්ගේ සාම සාධක අමාත්‍ය මණ්ඩල රැස්වීම සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරණ දූත පිරිස විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය හා ත්‍රිකුණාමල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන් හේමචන්ද්‍රා මහතාගේ මූලිකත්වයෙන් පිටත්ව ගියහ. මෙය එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම්වල කාර්යක්ෂමතාව, ආරක්ෂාව සහ බලපෑම වැඩි දියුණු කිරීම සඳහා කැපවී සිටින ගෝලීය කොටස්කරුවන් රැස්කරන ඉහළ මට්ටමේ සංසදයකි. මෙම දූත පිරිස ඊයේ (13) පිටත්ව ගිය අතර, අද (14) ජර්මනියේ බර්ලිනයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ සාම සාධක අමාත්‍යාංශ රැස්වීමට සහභාගී වේ. ගෝලීය සාමය සඳහා රටෙහි අඛණ්ඩ කැපවීම සහ එක්සත් ජාතීන්ගේ සාම මෙහෙයුම්වල විකාශනය වන ඉල්ලීම් සඳහා අර්ථවත් ලෙස දායක වීමට ඇති සූදානම පිළිබිඹු කරමින්, විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම දූත පිරිසට නායකත්වය දෙයි.
එක්සත් ජාතීන්ගේ සාම සාධක අමාත්‍ය මණ්ඩල රැස්වීමට අරුන් හේමචන්ද්‍රා
by mahesh
May 14, 2025 1:00 am
0 comment
ත්‍රිකුණාමලය විශේෂ - ඒ.ටී.එම්. ගුණානන්ද අමරජීව
13
මීලඟ පුවත