92
ආබාධිත දරුවන්ට මුල් ළමාවියේදී පැනනැඟෙන ගැටලු හඳුනාගෙන ඔවුන් සමාජයේ සාමාජිකයින් බවට පත්කිරීම සඳහා ආරම්භක සැලැස්මක් සකස් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් VACD සංවිධානය සමඟ පසුගියදා ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැත්විණි.
ඌව පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ජේ.එම්. කපිල ජයසේකර මහතා ඇතුළු රාජ්ය නිලධාරීන් මෙම සාකච්ඡාවට සහභාගි වූහ.