වෙසක් සිරි නරඹමින් පුද්ගලයන් දෙදෙනෙකු ගමන් ගත් යතුරුපැදියක් කොළඹ කුරුණෑගල මාර්ගයේ කොටදෙණියාව වැලිහිඳ ප්‍රදේශයේදී පෙරේදා (12) දහවල් අනතුරට පත්ව එහි ගමන් ගත් දෙදෙනා බරපතළ තුවාල ලබා රෝහල් ගත කළ බව කොටදෙණියාව පොලීසිය පවසයි.
මෙසේ අනතුරට පත්ව ඇත්තේ කොච්චිකඩේ දළුවකොටුව ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි.
දිවුලපිටිය දෙස සිට කොළඹ කුරුණෑගල පහ මාර්ගයේ ගමන් කරමින් තිබූ මෙම යතුරුපැදිය වේගය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන නිෙවසක ගේට්ටු කණුවක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.
අනතුරින් ගේට්ටු කණුවට ද දැඩි අලාභ හානි සිදුව ඇති අතර යතුරුපැදිය එහි රැඳී තිබූ අන්දමද දැකිය හැකි විය.
තුවාලකරුවන් දඹදෙණිය රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන්ගේ තත්ත්වය තරමක් බරපතළ බව රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
කොටදෙණියාව පොලිසියේ රථවාහන අංශය සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වයි.