ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යය වෙනුවෙන් කප් සිටුවීමේ මංගල්‍යය ඊයේ (13) උදෑසන සුබ මොහෙතින් සිදු කරන ලදි.
මේ අනුව පුරා දින 45ක් ගිය පසුව පෙරහර පැවැත්වේ. ජුනි 26 වැනිදා සිට ජූලි 10 වැනිදා දක්වා පෙරහැර මංගල්‍යය පැවැත්වෙන බව කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා සඳහන් කරන ලදි.
රුහුණු මහා කතරගම දේවාලයේ ප්‍රධාන කපු ධුරන්දර සොමිපාල ටී. රත්නායක මහතා සඳහන් කළේ ඇසළ මංගල්‍යය යනු ස්කන්ද කුමරු හා ලාංකීය බිරිඳ වන වල්ලි දෙවඟන අතර අතීතයේ සිදුවූ විවාහ මංගල්‍යය සනිටුහන් කිරීම පිණිස වාර්ෂිකව පවත්වන ඇසළ මංගල්‍යය උලෙළ බවයි. කප් සිටුවීමේ මංගල්‍යයේ අර්ථය වන්නේ දුටුගැමුණු රජතුමාගේ නියෝගයක් අනුව සිදු කරනු ලබන මංගල්‍යයකි. අතීතයේ විවාහ මංගල්‍යයක් සිදුවන විටදී විවාහයේ චාරිත්‍ර ඉටු කිරීම පිණිස නිෙවසේ ඉදිරිපිට මඟුල් මඩුවක් සෑදීම සඳහා කනු සිටුවීම සුබ නැකතින් සිදුකර විවාහයේ චාරිත්‍ර එම මඟුල් මඩුවේ සිදු කිරීම සිදු කළ බවයි.
ඒ අනුව ස්කන්ධය කුමරුවන්ගේ සහ වල්ලි දෙවඟනගේ විවාහය සනිටුහන් කිරීම පිණිස අතීත චාරිත්‍ර වර්තමානයේ සිදු කිරීම කප් සිටුවීමෙන් සිදු කරන බව සොමීපාල ටී. රත්නායක කපු මහතා සඳහන් කරන ලදි.
මෙම කප් සිටුවීමේ අවස්ථාවට ප්‍රධාන කපු මහතා වන සොමිපාල ටී. රත්නායක මහතා හා රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා ද එක් විය. කප් සිටුවීම පියුෂාන් රත්නායක හා ප්‍රියන්ත මුණසිංහ යන කපුමහතුන් සිදු කරන ලදි. මෙම කප් සිටුවීමේ අවස්ථාව දැක බලා ගැනීමට හින්දු, බෞද්ධ බැතිමතුන් රැසක් පුදබිමට පැමිණ සිටියහ.