වෙසක් නිවාඩුව වෙනුවෙන් ත්රිකුණාමලයේ වන්දනාවේ පැමිණි වන්දනා නඩයක සිටි අයෙකු නිලාවැලි මුහුදේ දිය නාමින් සිටියදී පෙරේදා (12) පස්වරුවේ දියේ ගිලී මියගිය බව කුච්චවේලි පොලීසිය පවසයි.
මෙලෙස මිය ගොස් ඇත්තේ මහනුවර, හතරලියද්ද, සංඝරාජපුර පදිංචිව සිටි 63 හැවිරිදි රණසිංහ දේවලාගේ සුමිත් රණසිංහ නමැති අයෙකි. 60 දෙනකුගෙන් පමණ සමන්විත වන්දනා නඩයක සිටි පිරිසෙන් මියගිය අය පමණක් මුහුදට බැස දිය නාමින් ඇත්තේ පොලිස් ජීවිතාරක්ෂක ඒකකය සලකුණු කළ සීමා මායිම්වලින් ඔබ්බට ගොස් බව පොලිස් ජීවිතාරක්ෂක ඒකකය පවසයි. මෙම ස්ථානය නොගැඹුරු මුහුදක් වන අතර වහා ක්රියාත්මක වූ එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ සැරයන්වරුන් වන (35185) අත්තනායක (38935) ප්රසන්න කොස්තාපල් (87326) මදුසංක යන නිලධාරීන් දියේ ගිලුණු අය බේරාගෙන ගොඩට ගෙනවිත් මූලික ප්රතිකාර ලබාදී ගිලන් රථයක ආධාරයෙන් අනතුරට පත් අය නිලාවේලි රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් තිබේ. වෙසක් නිවාඩු දිනයක් නිසා නිලාවේලි වෙරළට මෙදින විශාල පිරිසක් පැමිණ සිටි ඇති අතර, අනතුරට පත් අය රෝහලට ගෙන යාමට ජීවිතාරක්ෂක නිලධාරීන්ට විශාල පරිශ්රමයක් දැරීමට සිදුවිය. සිද්ධිය සම්බන්ධයෙන් කුච්චවේලි පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.