27
වයඹ පළාත් අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුව විසින් සංවිධාන කළ වයඹ පළාත් ආණ්ඩුකාර අභියෝගතා සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට වයඹ පළාත් සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තු කණ්ඩායම සමත් විය. තරගාවලියේ අනුශූරතාව වයඹ අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තු කණ්ඩායමට හිමි විය. වයඹ පළාත් රාජ්‍ය ආයතන සඳහා සංවිධාන කළ මේ සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලියට පළාත් රාජ්‍ය ආයතන නියෝජනය කරමින් කණ්ඩායම් 20ක් එක් විය.
උලෙළේ ප්‍රධාන ආරාධිතයා ලෙස වයඹ පළාත් ආණ්ඩුකාර තිස්ස වර්ණසූරිය මහතා එක් විය.