Home » වෙස්ලි රග්බි කණ්ඩායමට CDB අනුග්‍රාහකත්වය

වෙස්ලි රග්බි කණ්ඩායමට CDB අනුග්‍රාහකත්වය

by mahesh
May 14, 2025 1:00 am 0 comment

ෆවුස් මොහොමඩ්
CDB බැංකුවේ වෙළෙඳ සහාය කළ­ම­නා­කරු සුනෙත් සේනා­ධීර මහතා වෙස්ලි විදු­හ­ල්පති අවංක ප්‍රනාන්දු මහතා වෙත තර­ගා­වලි අනු­ග්‍රා­හ­ක­ත්වය පිරි­න­ම­මින්. වෙස්ලි විදු­හල් රග්බි කමි­ටුවේ භාණ්ඩා­ගා­රික ඉම්ටි­යාස් ඉක්බාල්, ක්‍රීඩා­භාර ප්‍රධානි විශ්‍රා­මික කර්නල් රිසාන් හාමි­ඩන්, වෙස්ලි විදු­හල් රග්බි කමි­ටුවේ සභා­පති හිරෝෂ් රූප­සිංහ, CDB බැංකුවේ සන්නාම ප්‍රධානි මෙවන් රණ­සිංහ මහ­ත්වරු සමඟ වෙස්ලි විදු­හල් පිලේ නායක සඳුල් ගම්ම­න්පිල, උප­නා­ය­ක­යන් වන අබ්දුල් හාදි සහ හාෂිම් තාබිත් ද මෙහි වෙති. ඡායා­රූ­පය - සුදත් මල­වීර

වසර 151ක කීර්තිමත් ඉතිහාසයකට හිමිකම් කියන වෙස්ලි විදුහල 69 වැනි වරටත් පාසල් රග්බි තරගවාරයට එක්වි සිටී. සිව්වැනි වසරේ වර්ණලාභියකු වන සඳුල් ගම්මන්පිල මෙවර තරගවාරයේදී වෙස්ලි විදුහල් පළමුපෙළ රග්බි කණ්ඩායම මෙහෙයවනු ලබන අතර, තුන්වැනි වසරේ වර්ණලාභියකු වන අබ්දුල් හාදි උපනායකයා ලෙසත්, සිව්වැනි වසරේ වර්ණලාභියකු වන හාෂිම් තාබීත් නියෝජ්‍ය උපනායකයා ලෙසත් කටයුතු කරති.

වසර 1956දී එඩී බුවෙල්ගේ නායකත්වයෙන් පාසල් රග්බි ක්‍රීඩාවට අවතීර්ණ වූ වෙස්ලි විදුහලට මෙතෙක් ලීග් ශූරතාවක් දිනා ගැනීමට නොහැකි වුවද, 1997 දී සහ 2004 වසරවලදී ලීග් අනුශුරතාව දිනාගැනීමට සමත්වූ අතර, මේ දීර්ඝ කාලපරිච්ඡෙදය තුළ ලද විශිෂ්ටම ජයග්‍රහණය වන්නේ 2013 වසරේදී රාහුල් ද සිල්වාගේ නායකත්වයෙන් එවර ජනාධිපති කුසලාන පිළිමලුන් පිටුදැකීමේ ශූරතාව දිනා ගැනීමය. ඊට අමතරව 2002, 2004 සහ 2019 දී එම තරගාවලියේ අනුශූරයන් බවට පත්වීමට ද වෙස්ලි විදුහල් පිල සමත්විය. මෙවර පාසල් රග්බි තරගවාරයට එක්වන වෙස්ලි විදුහල් පිල වෙනුවෙන් අනුග්‍රාහකත්ව පිරිනැමීමේ මාධ්‍ය හමුව පසුගියදා කැම්බල් පිටියේදී පැවැති අතර, එහිදී CDB බැංකුව ප්‍රධාන අනුග්‍රාහකත්වය පිරිනමනු ලැබීය. මීට අමතරව තවත් අනුග්‍රාහක සමාගම් රැසක් මෙවර වෙස්ලි විදුහල් රග්බි කණ්ඩායම ශක්තිමත් කිරීමට එක්වී සිටිති. ජාතික රග්බි පිල නියෝජනය කළ ආදි වෙස්ලි ක්‍රීඩකයකු වන හෙන්රි ටෙරන්ස් වෙස්ලි විදුහල් පිලේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන අතර, ජාතික සත් සාමාජික පිලේ හිටපු ක්‍රීඩක අම්ජාඩ් බක්ෂි, නිරංජන් වික්‍රමරත්න හා තිළිණ වීරසිංහ සහාය පුහුණුකරුවන් ලෙස එක්වී සිටිති. වෙස්ලි විදුහල් පිල මෙවර ලීග් තරගාවලියේදී විද්‍යා විද්‍යාලය සමඟ ජූනි මස 6 වැනිදා තරග වදින අතර, අනතුරුව ජූනි මස 13 දා ඩී.එස්. සේනානායක විදුහල් පිල සමඟ තරග බිමට පිවිසීමට නියමිතය.

අනතුරුව මහනුවර සාන්ත අන්තෝනි විදුහලට එරෙහිව ජූනි 21, සාන්ත පීතර විදුහලට එරෙහිව ජූනි 28 සහ ආනන්ද විදුහලට එරෙහිව ජූලි 5 වැනිදා තරග වැදීමට නියමිතය. ලීග් තරගාවලියේ දෙවැනි වටයේදී ඔවුන් කිංග්ස්වුඩ් කණ්ඩායම සමඟත්, සාන්ත තෝමස් කණ්ඩායම සමඟත් තරග බිමට පිවිසෙනු ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT