Thursday, May 15, 2025
Home » හෙයියන්තුඩුව, ජාතික තරුණ සේවා සභාවේ ක්‍රීඩා පුහුණු පාසල සංවර්ධනය කරන්න පියවර

හෙයියන්තුඩුව, ජාතික තරුණ සේවා සභාවේ ක්‍රීඩා පුහුණු පාසල සංවර්ධනය කරන්න පියවර

by chanaka
May 14, 2025 4:39 pm 0 comment

හෙයියන්තුඩුව ජාතික තරුණ සේවා සභාවේ ක්‍රීඩා පුහුණු පාසල නිරීක්ෂණයට අද (14) තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර හා ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න සහභාගි විය.

එහිදී එම ක්‍රීඩා පුහුණු පාසලේ පවතින ගැටලු පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ නියෝජ්‍ය අමාත්‍යවරුන් අයවැයෙන් මුදල් වෙන් කර මෙම ක්‍රීඩා පුහුණු පාසල සංවර්ධනය කිරීම පිළිබඳව සාකච්ඡා කළහ.

මෙම ක්‍රීඩා පුහුණු පාසල තුළ වොලිබෝල් හා කබඩි සංචිතවල සිටින තරුණ ක්‍රීඩකයින්ගේ පෝෂණය ඉහළ නැංවීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම පිළිබඳව මෙහි දී විශේෂ අවදානයක් යොමු විය. තව ද ඔවුන්ගේ ක්‍රීඩා කෞශල්‍ය දියුණු කිරීම හා මානසික හා ශාරීරික සෞඛ්‍ය පවත්වාගෙන යාම පිළිබඳව නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ අවධානය යොමුවිය.

මෙහි පුහුණුවීම් සිදුකරන දරුවන්ට වෘත්තීය පුහුණු නිපුණතා මට්ටමේ සහතිකයක් ලබාදීම පිළිබඳවත්, ක්‍රීඩකයන් පුහුණු කිරීම සඳහා නව සැලැස්මක් සකස් කිරීම පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කෙරුණි. ඒ පිළිබඳව ඉදිරියේදී තවත් සාකච්ඡාවට කිහිපයක් පැවැත්වීමට මෙහිදී යෝජනා විය.

මෙම අවස්ථාවට ජාතික තරුණ සේවා සභාවේ සභාපති සුපුන් විජේරත්න, හෙයියන්තුඩුවෙන්ම මධ්‍යස්ථාන භාර නිලධාරී, වොලිබෝල් හා කබඩි ක්‍රීඩා පුහුණුකරුවන්, තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන් හා තරුණ සේවා සභාවේ නිලධාරීන් මෙම සාකච්ඡාවට සම්බන්ධ විය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT