Home » වෙසක් නැරඹීමට ගිය කුඩා ලොරියක් ගසක වැදී 10ක් රෝහලේ

වෙසක් නැරඹීමට ගිය කුඩා ලොරියක් ගසක වැදී 10ක් රෝහලේ

by mahesh
May 14, 2025 1:00 am 0 comment

මාරවිල සමූහ මිහිර විජේසේකර

ආණමඩුව සිට කොළඹ ඇතුළු අවට ප්‍රදේශයේ වෙසක් සිරි නැරැඹීමට පැමිණි කුඩා ප්‍රමාණයේ ලොරි රථයක් හලාවත කොළඹ ප්‍රධාන මාර්ගයේ මූදුකටුව ප්‍රදේශයේ මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් ඇතිවූ අනතුරකින් එම ලොරි රථයේ ගමන් ගත් දස දෙනෙක් සුළු තුවාල ලබා මාරවිල මූලික රෝහලට ඇතුළත් කර ඇති බව මාරවිල පොලීසිය පවසයි.

ඊයේ (13) උදෑසන මෙම අනතුර සිදුව ඇත.

කොළඹ සිට පැමිණි ලොරි රථය මාර්ගයෙන් ඉවතට පැන අනතුර සිදුවන අවස්ථාවේ එම දිශාවටම ගමන් ගත් යතුරුපැදියක ලොරි රථය ගැටී ඇති අතර එහි ගමන් ගත් යතුරුපැදිකරු ඉන් ඉවතට පැන තිබේ. ඔහුට කිසිදු අනතුරක් සිදුවී නොමැත. රෝහල්ගත කර ඇති අය අතර කුඩා ළමුන් තිදෙනෙක්ද වේ.

ලොරි රථයේ රියැදුරු බීමත්ව සිට ඇති බවත් ඔහුට නින්දයාම නිසා මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය විසින් සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

රියැදුරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන මාරවිල දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. සිද්ධිය සම්බන්ධ මාරවිල පොලීසියේ රථවාහන අංශය විමර්ශන කටයුතු සිදුකරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT